(ප්‍රදීප් කුමාර)
යාපනය මුරුගන් කෝවිලක පැවති උත්සවයකදී කෝවිලේ වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 460,000 ට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර පුජක වරුන් සදහන් කර සිටි.
යාපනය වන්නර් ෆාම් ලෝටස් මාර්ගයේ පිහිටි වන්නෙයි කෝට්ටයම්පති සිරිසිවසුබ්‍රමනියර් මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය මෙසේ ඉහළ මුදලකට වෙන්දේසි වී තිබේ.
මෙම කෝවිලේ දින 15 ක් පුරා උත්සවය පැවැත්වෙන අතර 08 වන දිනයේ මෙසේ අඹ ගෙඩිය වෙන්දේසිවී තිබේ. ඒ එදිනට යේදී තිබු "මම්පලම් තිරුවිලා"උත්සවයේදීය.
එහිදී වෙන්දේසියේ වූ අඹ ගෙඩිය ලබා ගැනීම සදහා දේශීයව සේම විදේශීයව කෝවිලේ උත්සවය සදහා පැමිණි බැතිමතුන් අතර තියුණු තරගයක් පැවති බව පුජකවරුන් සදහන් කරයි.
එහිදී කැනඩාවේ සිට පැමිණි බැතිමතෙකු විසින් මෙම අඹ ගෙඩිය රුපියල් 460,000 ක මුදලකට වෙන්දේසියේදී ලබාගෙන තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අඹ ගෙඩියක් 460,000 ට වෙන්දේසි වෙයි
ගුණරත්න Wednesday, 04 June 2025 01:17 PM
ඔන්න වෙන්දේසි, ආණ්ඩුවේ වාහන වෙන්දේසි ඔහොම නොවේ, ඒවායේ යන්නේ කුණු කොල්ලයට...
Hota Wednesday, 04 June 2025 03:09 PM
දෙවියෝ පෙන්නනවා කියන්නේ මේවට තමයි. භක්තිය උතුරලා යනකොට මිනිසා අන්ධයෙකි...