IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


අපේ නිහතමානීකම නිවට කමක් සේ හිතන්න එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අපේ තිබෙන නිහතමානීකම නිවට කමක් ලෙස සලකා කවුරුන් හෝ ක්‍රියා කරනවා නම් ඒවාට පිළිතුරු නීතිය හරහා ලබාදීමට අප සූදානම් බවඅධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ  හර්ෂණ  නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දූෂණ විරෝධී පනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.

"අපට ලැබුණු ප්‍රධානම ජනවරමක් වන්නේ දූෂණයට වංචාවට එරෙහි නීති යාන්ත්‍රණය තදින් ක්‍රියාත්මක කිරීමයි.එම ජනවරම අනුව යමින් අප පනතක් හඳුන්වා දී තිබෙනවා.දූෂණ විරෝධී පනත දැනට වසරකට පෙර සම්මත වී තිබුණද නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණය සහිත රෙගුලාසි ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.එම රෙගුලාසි  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපට හැකි වුණා.වර්තමාන තත්වයන්ට ගැලපෙන පරිදි වත්කම් බැරකම් යාවත් කාලීන කිරීම සඳහා අප කටයුතු කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (11)

අපේ නිහතමානීකම නිවට කමක් සේ හිතන්න එපා

maalaka Wednesday, 04 June 2025 12:59 PM

ඇත්තයි. අපේ අය පුරුදු වෙලා ඉන්නෙ වාචාල, චන්ඩි පාට් දාන අයට ඔළුව නමන්න.

:       8       34

Lal Wednesday, 04 June 2025 12:59 PM

පා පිස්සෝ

:       12       31

මැක්ස් Wednesday, 04 June 2025 01:10 PM

පාපිස්සක් කතා කරයි!

:       17       28

ගුණරත්න Wednesday, 04 June 2025 01:12 PM

නිහතමානීකම, නිවටකම වෙන් කරලා හඳුනා ගන්න අපට පුළුවන්. අහිංසකයින්ට බූරුවන් කියලා ප්‍රසිද්ධියේ අපහාස කරපු නිවටයෝ ඉන්නවා. අන්තිමේ පීඩාව දරාගන්න බැරිව අස්වෙලා ගියා කියලත් අහන්න ලැබුණා. ඔය වගේ වැඩ නම් නිවට වැඩ තමයි.

:       8       28

prasanna Wednesday, 04 June 2025 02:37 PM

මැටි ගොඩක්, මෙයා දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. හෙට ඡන්දයක් තියන්න... මෙයා දැනටම ඡන්ද පදනම 3% බස්සලා තියෙන්නේ...

:       8       24

Asela Wednesday, 04 June 2025 03:09 PM

අපේ වගේ තුන්වෙනි ලෝක රටක බිය ගැන්වීමෙන් සහ පූර්ව විනිශ්චයකට සම්බන්ධ වීමෙන් ලකුණු ලබා ගැනීමට අධික ලෙස උද්යෝගිමත් මනෝභාවයක් ඇති වැඩකට නැති ඇමැතිවරයෙක්. සනීපාරක්ෂාව සහ බන්ධනාගාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගැටළු රාශියක් තිබේ. පෙර පරිපාලනයේ සිට අද දක්වා සෑම දෙයක්ම නොසලකා හැර ඇත. විකාර කතා නොකර ඔබට එම සිරකරුවන්ට මූලික අවශ්‍යතා කිහිපයක් ලබා දිය හැකිද? අඩුම තරමින් වැසිකිළි ගැටළු?

:       6       6

ගමේ එකාලා Wednesday, 04 June 2025 03:12 PM

අලිබබා සහ හොරු හතළිහ ආණ්ඩුවක් තිබුණු කාලේ හිටියේ පට්ට හොරු. පව්ල් පාලනේ අය, හොර පෙරකදෝරුවෝ... කුඩු, ඇමැතිලා, මැරයෝ, මිනීමරුවෝ, පාතාලකාරයෝ, කිසිම උගත් කමක්, සුදුසු කමක් නැති අය, එහෙම එකාලා නැති එකම වටිනවා....

:       9       10

Dilshan Wednesday, 04 June 2025 03:30 PM

ඔබ දේශපාලනය ගැන දන්නේ මොනවද කියලා පළමුව තහවුරු කරන්න...

:       7       11

MD Wednesday, 04 June 2025 03:42 PM

නිහතමානීකමේ උච්චතම අවස්ථාව ඊයේ පැහැදිලිවම පාර්ලිමේන්තුවේ ඵළිදක්වනවා අපි බලාගෙනයි හිටියේ.ගොබ්බ හර්ෂනයෝ නිකන් උජාරුවට චණ්ඩි පාට් දාන්න ඵපා.ඕවාට කියන්නෙ ගොන් පාට් කියලා.වැදගත් ලෙසට හැසිරෙනූ.

:       7       13

මාලිමාගැත්තා Wednesday, 04 June 2025 03:50 PM

(ආකල්පමය වශයෙන් ගතහොත් ), කොටියෙකුට දාව බල්ලෙකුට උපන් පැටියෙක් සිංහල ගෙදරක හැදුණාම එයාට කියන්න හොඳ නම මොකක්දැයි මා වැනිම මාලිමා ගැත්තෙක් යෝජනා කරන්නේ නම් මැනවි. තමන්ට හුරු පුරුදු පරුෂ වචනයෙන් වුවද කම් නැත...

:       7       7

ranjith Wednesday, 04 June 2025 05:28 PM

නිහතමානි කමට ඔය යක්ෂාවේශයෙන් කතා කරන්නේ.

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 111 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 424 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site