IMG-LOGO

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා


අන්තර්ජාලයේ අපරාධවලට ඇමැති අවි ඔසවයි

(සුජිත් හේවාජුලිගේ)

පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්, විශේෂයෙන්ම තරුණ පරපුර, අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බව පැවසූ අමාත්‍යවරයා  සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්  ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය වැඩි කිරීමට හේතු වී ඇති බවද  ප්‍රකාශ කළේය.

අන්තර්ජාල අපරාධවලට කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කිරීම, සහ පාසල් දරුවන්ට අසභ්‍ය දර්ශන ඇතුළු හානිකර වීඩියෝ පට බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, තම ඡායාරූපයක්ද කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවයි. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද  ඔහු කීය.

මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම  අවධාරණය කළේය.



අදහස් (0)

අන්තර්ජාලයේ අපරාධවලට ඇමැති අවි ඔසවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 216 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16033 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 579 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site