IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අනුලා චෛත්‍යයෙන් සර්වඥ ධාතු සමග පලිඟුවක් මතු වෙයි

(බී.ජී.චතුරංග)

ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගුවලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සදහන් කළහ.

කැණීම්වලදී හමුවු ධාතූන් වහන්සේ බොහෝ විට සර්වඥ ධාතුන් වහන්සේ නමක් විය හැකි බවත් මෙම ධාතූන් වහන්සේගේ කාලනිර්ණය ඉදිරියේදී සිදු කර ඊට අදාළ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීමේ කටයුතු සිදු කරන බව නා හිමියෝ සදහන් කළහ.

මීට අමතරව මැටිොවලින් සාදන ලද පුරාවිද්‍යා වටිනාකමකින් යුතු විවිධ හැඩයන් සහිත පුරාවස්තුන් කිහිපයක්ද මෙම කැණීම් අතරවාරයේදී එම පුරාවිද්‍යා නිලධාරීන්ට හමුව තිබේ .

මෙම සිදු කරනු ලබන කැණීම්වලදි ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් සදහන් කළේය.

මෙරට ප්‍රථම බුද්ධ ශ්‍රාවිකාව වූ අනුලා මහරහත් තෙරණිය ඇතුළු පන්සිය නමක් බුද්ධ ශ්‍රාවිකාවන් වෙනුවෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ විහාර මහා දේවියගේ මූලිකත්වයෙන් ඉදිකළ දැනට ගරා වැටි විනාශ වෙමින් පවතින චෛත්‍යයකි. එහි  නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ පුණ්‍ය උත්සවය පසුගියදා ආරම්භ කෙරිණි.



අදහස් (9)

අනුලා චෛත්‍යයෙන් සර්වඥ ධාතු සමග පලිඟුවක් මතු වෙයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 February 2022 10:49 AM

සාදූ සාදු... අපේ බෞද්ධ උරුමය නැතිකරන්නට කාටවත් බැහැ. බෞද්ධ උරුමය රැකගැනීමට කැපවෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට හා ඒ වෙනුවෙන් වෙහෙසෙන සැමට රට, ජාතිය, ආගම වෙනුවෙන් ප්‍රණාමය... මේ ඡායාරූප හා විස්තර දුටුවාම සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගියා...

:       2       26

MaheshMonday, 21 February 2022 01:14 PM

කන්න නැතිව හරි කමක් නෑ, පිනා යනවා නම් නේද...?

:       14       25

සත්‍ය ගවේෂී.Monday, 21 February 2022 02:37 PM

පිනාගේ මොළේ හැටියට එහෙම තමයි හිතෙන්නේ. එහෙම නේද?

:       4       18

බද්රානිMonday, 21 February 2022 03:24 PM

මම මේ නොදන්නා නිසයි අහන්නේ සමිත මහත්තයෝ, පළිඟුවයි, බුද්ධ දර්ශනයයි අතර සහ සම්බන්ධයක් තියනවද? එදා රජවරුන් ජනතාවගේ හා රටේ සම්පත් සියල්ල සූරාකමින්, මහපොළවට වල දමා ඒ ලෙසින් බැල්ම මලපෙරේත බහිරවයින් ලෙසින් බැල්ම හෙලාගෙන සිටීමද ඔබ බෞද්ධ දර්ශනය ලෙස දකින්නේ..? ඔවුන් ඒ වළදාපු බොහෝ සම්පත් හොරුන්ටම මිස ජනතාවට නම් අදටත් අයිති නොවේ. කොහොමත් මේ පළිඟුව "චීන නාගයෙකු" විසින් විශාල ශබ්දයක් සමග නොපැමිණි නිසා මෙන්ම වටිනාකමක් තිබෙන නිසාම මගේ හිතත් පිනාගියා.

:       7       14

සමිත සේනක අලුත්ගමගේ.Monday, 21 February 2022 04:52 PM

ස්තූතියි බද්‍රානි මහත්මිය. චීනා හා සද්දයක් දාන් ආපු නාගයා ගැන මටත් මුලින් හිතුණා. ඒත්, මෙය මහ රහත් තෙරණියක විසින් කරවපු චෛත්‍යයක තිබූ නිසාත්, කාල නිර්ණය සඳහා ඉදිරිපත් කෙරෙන නිසාත් මෙහි සත්‍යයක් තිබෙන බව පෙනෙනවා....

:       4       12

MaheshTuesday, 22 February 2022 06:47 AM

කතාකලොත් බුද්ධාලම්බන ප්‍රීතිය. කරන්නෙ ඔක්කොම අලුගුත්තේරු වැඩ. ගෙදර උදේ ඉඳන් රෑ වෙනකල් පිරිත් අහ අහ බලන්නෙ මොකාටද අන්චියක් අදින්නෙ කියල. හැම දේටම සීමාවක් ඇත. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔය කුහකකම, අටෝපකම, මහන්තත්තකම, පන්ඩිතකම, උද්දච්චමක යනාදී ගති නිසා රටේ තිටුනුවක් දැකිය නොහැක.

:       0       0

බද්රානිTuesday, 22 February 2022 02:23 PM

සමිත මහත්තයා, මම ඇසූ ප්‍රශ්නය වැරදි තැනකිනුයි අල්ලාගෙන තියෙන්නේ... මම ඇහුවේ ඔබට ඔච්චරටම හිත පිනායන්න තරම්.." පළිඟුව හා බුද්ධ දර්ශනය අතර තියන සහ සම්බන්ධය මොකක්ද කියලයි" අනික මේ රටේ බෞද්ධ සංස්කෘතික උරුමය කවුරුවත් නැති කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. අනික කොහේවත් ඉන්න මදාවියෙක් කාගේ හෝ කීමකට එහෙම නැත්නම් මුදලකට, පිළිමයකට හෝ වෙනත් දෙයකට ගලක් ගැහුවාට බුද්ධ දර්ශනයට හානියක් වෙන්නේ නැහැ. ඒක කොයි ආගම දර්ශනයකටත් පොදුයි. අනික ආගම් හා දර්ශන තරගෙට අදහන්නේ මෝඩයින්... ඔවුන් හා තලෙයිබාන්ලා අතර මහා වෙනසක් නැහැ. සමිත මහත්තයාගේ ඔය හිතේ තියන බය හා සාංකාව දුරුකර ගන්න. එහෙම නැත්නම් ඔය තත්වය හීනමානය ලෙසින් තවත් යමෙකු නිර්වචනය කරන්න පුළුවන්. ඔය මෝඩ මිනිස්සු අදහන සංස්කෘතියයි, සම්ප්‍රදායයි පැත්තක තියලා බුද්ධ දර්ශනය පමණක් ප්‍රායෝගිකව මනසට හුරුකරවන්න. එහෙම නැත්නම් ඉතින් මොළේ විපරිත අධර්මිෂ්ඨ මනුස්සයෙක් ලෙසින් අපාගතවීම හැර වෙන නම් විකල්පයක් නැහැ...!

:       0       0

damith Monday, 21 February 2022 12:15 PM

මේවාවත් හොරකම් කරන්නේ නැති විදිහට තියන්න...

:       0       14

sharm warn Tuesday, 22 February 2022 11:58 AM

අපේ පුරාණ නටබුන් සහ උරුමයන් ගැන මොනවා සොයාගත්තත්... චීනෙට සින්න වෙමින් යන රටක්... දන්නවද? අපේ පුරාවිද්‍යාත්මක සාධක වගයක් චීනෙට යවලා තියෙනවා සංරක්ෂණය කරන්න කියලා... අපේ දේවල් මොකටද සංරක්ෂණය කරන්නේ...? අනිත් එක යවපු දේවල් මොනවද කියලා කවුරුවත් දන්නේ නැතිව ඇති. මේවටත් දෙයියන්ගේම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 348 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site