
(බී.ජී.චතුරංග)
ඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගුවලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සදහන් කළහ.
කැණීම්වලදී හමුවු ධාතූන් වහන්සේ බොහෝ විට සර්වඥ ධාතුන් වහන්සේ නමක් විය හැකි බවත් මෙම ධාතූන් වහන්සේගේ කාලනිර්ණය ඉදිරියේදී සිදු කර ඊට අදාළ ඓතිහාසික තොරතුරු අනාවරණය කර ගැනීමේ කටයුතු සිදු කරන බව නා හිමියෝ සදහන් කළහ.
මීට අමතරව මැටිොවලින් සාදන ලද පුරාවිද්‍යා වටිනාකමකින් යුතු විවිධ හැඩයන් සහිත පුරාවස්තුන් කිහිපයක්ද මෙම කැණීම් අතරවාරයේදී එම පුරාවිද්‍යා නිලධාරීන්ට හමුව තිබේ .
මෙම සිදු කරනු ලබන කැණීම්වලදි ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් සදහන් කළේය.
මෙරට ප්‍රථම බුද්ධ ශ්‍රාවිකාව වූ අනුලා මහරහත් තෙරණිය ඇතුළු පන්සිය නමක් බුද්ධ ශ්‍රාවිකාවන් වෙනුවෙන් ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ විහාර මහා දේවියගේ මූලිකත්වයෙන් ඉදිකළ දැනට ගරා වැටි විනාශ වෙමින් පවතින චෛත්‍යයකි. එහි නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ පුණ්‍ය උත්සවය පසුගියදා ආරම්භ කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදූ සාදු... අපේ බෞද්ධ උරුමය නැතිකරන්නට කාටවත් බැහැ. බෞද්ධ උරුමය රැකගැනීමට කැපවෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට හා ඒ වෙනුවෙන් වෙහෙසෙන සැමට රට, ජාතිය, ආගම වෙනුවෙන් ප්‍රණාමය... මේ ඡායාරූප හා විස්තර දුටුවාම සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගියා...
මේවාවත් හොරකම් කරන්නේ නැති විදිහට තියන්න...
අපේ පුරාණ නටබුන් සහ උරුමයන් ගැන මොනවා සොයාගත්තත්... චීනෙට සින්න වෙමින් යන රටක්... දන්නවද? අපේ පුරාවිද්‍යාත්මක සාධක වගයක් චීනෙට යවලා තියෙනවා සංරක්ෂණය කරන්න කියලා... අපේ දේවල් මොකටද සංරක්ෂණය කරන්නේ...? අනිත් එක යවපු දේවල් මොනවද කියලා කවුරුවත් දන්නේ නැතිව ඇති. මේවටත් දෙයියන්ගේම පිහිටයි.