ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික හිමිකාරිත්වය ඇති ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir, සිය ගුවන් මගී සේවා දියත් කිරීමෙන් මාස 6ක කාලයක් ඇතුළත මගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹ ඇති බව නිවේදනය කරයි. ගමනාන්ත 3 ක් පමණක් ක්‍රියාත්මක වෙමින් අත්පත් කර ගත් මෙම සුවිශේෂී සන්ධිස්ථානය ගුවන් සේවයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරන බව ද එම ආයතනය කියයි.
FitsAir සිය ජාත්‍යන්තර මගී සේවා 2022 ඔක්තෝම්බර් මාසයේ දී දියත් කරනු ලැබුවේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලෙන් යුත් පහසු සංචාරක විකල්ප ලබා දීමේ අරමුණෙනි. මේ හේතුවෙන් ආරම්භයේ සිටම සිය සේවා සඳහා ඇති ඉල්ලුමේ සැලකිය යුතු වර්ධනය වීමක් ගුවන් සමාගමට අත්විඳිය හැකි විය.
සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට අපි නිරතුරුවම කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයන්ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම අපට සතුටක්. මෙම සන්ධිස්ථානය අප කණ්ඩායමේ සියලු
දෙනාගේම කැපවීම විදහා දක්වන්නක්. මින් ඉදිරියටත් අපගේ පාරිභෝගිකයන්ට ආරක්ෂිත සහ සුවපහසු ගුවන් ගමන් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා. FitsAir හි විධායක අධ්‍යක්ෂ අමර් කාසිම් මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ පියාසර කිරීමට තෝරා ගත් පාරිභෝගිකයන්ට මම අපගේ අවංක කෘතඥතාව පළකර සිටිනවා. මගීන් 50,000 කට සේවය කිරීමට ලැබීම අප ලද මහඟු ගෞරවයක්.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරමින් FitsAir සිය 50,000 වැනි පාරිභෝගිකයාට නොමිලේ ගුවන් ටිකට් පතක් පිරිනමනු ලැබුවා.
තරඟකාරී මිල ගණන් සහ සුවිශේෂී සංචාරක අත්දැකීමක් සියලු පාරිභෝගිකයන්ට ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින්, අඩු වියදමක් සහිත ප්‍රමුඛතම ගුවන් ගමන් සපයන්නා වීම FitsAir හි අපේක්ෂාවයි.
595
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
Fits Air සිය 50,000වන ගුවන් මගී වාරය සමරයි