IMG-LOGO

75 වන නිදහස් උළෙල අඩු පිරිවැයකින් පවත්වන්නට තීරණය කරයි

(අංජුල මහික වීරරත්න)

අඩු පිරිවැයකින් එහෙත් අභිමානවත් අයුරින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිලධාරීන්ට  උපදෙස් දුන්නේය.

75 වන නිදහස් දින සමරු උළෙල සංවිධාන කමිටු පළමු රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම  උපදෙස් ලබා දුන්නේය.

විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව විචිත්‍රවත් අයුරින් 75 වන ජාතික නිදහස් දින උළෙල කොළඹ ගාලුමුවදොර දී පෙබරවාරි 04 වන දින සවස් කාලයේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා මෙහිදී පැවැසූයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පෙළපාළි සහ උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග හා යෞවනයට ගැළපෙන කලා අංග නිදහස් උළෙලට එක් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් උළෙළේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ට ආරාධනා කිරීමට ද තීරණය කෙරිණි.

75 නිදහස් දිනයට සමගාමීව සියලුම පළාත් මූලික කරගනිමින් විවිධ තේමාවන් යටතේ ප්‍රදර්ශන පැවැත්වීමටත්, දෙවුන්ද‍රතුඩුව සහ පේදුරුතුඩුව යා කරමින් පාපැදි සවාරියක් සංවිධානය කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කළේය.

75 වන ජාතික නිදහස් දින උළෙල නිමිත්තෙන් 75 වන ජාතික මුද්දරයක් නිකුත් කිරීමටත් සැලසුම් කර තිබෙි.

නිදහස් දින උළෙල සංවිධාන කටයුතු සඳහා  අදාළ අනුකමිටු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන්  පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.



අදහස් (2)

75 වන නිදහස් උළෙල අඩු පිරිවැයකින් පවත්වන්නට තීරණය කරයි

ravin Friday, 09 September 2022 12:22 PM

කිසිම ආනයනික (පිටරට නිපදවූ ද්‍රව්‍යක් උප් නොකරගෙන සම්පුර්නයෙන්ම ලාංකිය නිශ්පාදන පමනක් උපයෝගී කරගෙන උත්සවයක් පැවැත් වුවොත් අප සියලු දෙනාට අ් කියන පෞඩත්වය ඇතිව ඉදිරියට් ගමන් කල ැකිවෙවි.

:       1       32

ajithFriday, 09 September 2022 05:02 PM

ඔය කියන ත්‍රිවිද හමුදාවේ ආයුධ සියල්ල පිටරට නිෂ්පාදනය කර ඇති ඒවායි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 482 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site