IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


2021 අයවැය විවාදය දින 19 ක්

2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 19 ක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
 

ඒ අනුව ලබන 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීfම් විවාදය සිදුවන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5ට සිදුකරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්  ධම්මික දසනායක මහතා පැවසීය.
 
ඉන් පසු නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5ට ඡන්ද විමසීම සිදුවන බව ධම්මික දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.
 
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද ( 11 ) පෙරවරුවේ මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.
 
අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට රැස්වීම් ආරම්භ කර සවස 5.30 දක්වා පැවැත්වේ. නොවැම්බර් 18 වන දා සිට 20 දක්වා පෙරවරු 9.30 සිට 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම පවැත්වෙන අතර නොවැම්බර් 25 සිට  දෙසැම්බර් 10 වනදා දක්වා පෙරවරු 9.30 සිට 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික  ප්‍රශ්න විමසීමේ අවස්ථාව ක්‍රියාත්මක වේ.
 
අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, සහ  අලි සබ්රි යන මහත්වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, මහින්ද සමරසිංහ, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුනාතිලක, අනුර දිසානායක, ඩිලාන් පෙරේරා, අම්. ඒ. සුමන්දිරම්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්රුද සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා ද මේ සඳහා සහභාගී වූහ.

 



අදහස් (1)

2021 අයවැය විවාදය දින 19 ක්

Rata Perata Thursday, 12 November 2020 07:47 AM

මොන මගුලක්ද විවාද කරන්නේ? ඔකෙ ඉන්න අපි පඩි ගෙවන 2/3 ක්ම රෙදි උස්සගෙන සර්ට බලය දුන්නේ ඔන මගුලක් කරගන්න කියලා. අපේ සල්ලි කනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site