IMG-LOGO

16 හැවිරිදි දරුවා පැහැරගත් අඹු-සැමි යුවළ මාට්ටු

( ආනන්ද ඉ ජයකොඩි)

උපකාරක පංතියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටි වයස අවුරුදු 16 ක පිරිමි දරුවෙකු වේයන්ගොඩ නගරයේදී කාරයකින් පැහැර ගෙන ගිය බව කියන  සැකකාර අඹු සැමි යුවළක් පෑලියගොඩ දී අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.

අපොස සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දරුවෙකු පැහැර ගෙන යාම පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව  පරීක්ෂණ පවත්වා එසේ සැකකාර අඹු සැමි යුවළ ඊයේ (26) මෙලෙස අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.

පැහැර ගෙන ගිය බව කියන දරුවා මුහුණු පොත හරහා කොළඹ ප්‍රදේශයේ ස්ථිර පදිංචි තාවකාලිකව මාකොළ උතුර ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග සම්බන්ධ වී සිට ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබිණ.

දෙදෙනා මුහුණු පොතේ විවිධ සටහන් කර ඇති බවත් දහසය හැවිරිදි දරුවා එම තරුණියට අපහාස වන අන්දමින් කිසියම් සටහනක් තැබූ බව කියමින් එයට උරණ වී පැහැර ගෙන යාම සිදු කොට ඇති බවද කියති.

දරුවා පැහැර ගෙන යාමට පෙර ඔහුගේ ජංගම දුරකථනයක් විකිණීම සඳහා අන්තර් ජාලයේ පළ කොට තිබූ දැන්වීමකින් ඔහුගේ ජංගම දුරකතනයේ අංකය සොයා ගෙන දුරකථනය මිල දී ගන්නා බවට අගවා සැකකාර අඹු සැමි යුවල අවස්ථා කිහිපයක් ම දරුවාට කතා කර ඇති බවත් ඊයේ  (26) දහවල් කාලයේත් දරුවාට කතා කර වේයන්ගොඩ නගරයට දුරකථනය මිල දී ගැනීමට පැමිණෙන බවට දන්වා  තිබූ බවද වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පැවසීය.

එසේ කතා කර ගත් පරිදි දරුවා වේයන්ගොඩ නගරයේ  උපකාරක පංතියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටියදී අඹු සැමි යුවල කාරයකින් වේයන්ගොඩ නගර මධ්‍යයේ ඇති බෝධිය අසලට පැමිණ දුරකථනය මිල දී ගන්නා මුවාවෙන් දරුවා කාරයට ගොඩ කර ගෙන පැහැර ගෙන යද්දී ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

 



අදහස් (0)

16 හැවිරිදි දරුවා පැහැරගත් අඹු-සැමි යුවළ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 671 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site