
(ඩබ් .ඒ. සිරිසේන)
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන පොලිසිය ඉකුත් (04) පැවසීය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ රක්වාන රංවලතැන්න වත්තේ පදිංචිව සිටි සෙල්ලපන් බාලක්‍රිෂන් නැමැති වතු සේවකයෙකි.
මියගිය අයට බිරින්දෑවරු දෙදෙනකු සිටින බව් එක් බිරිඳකට දරුවන් හත් දෙනකු ද අනියම් බිරිඳට දරුවන් හතර දෙනකුද සිටින බව පොලිසිය සඳහන් කළේය.
මියගිය අය බීමත්ව සිය නිත්‍යානුකූල සමග ගැටුමක් ඇති කර ගත් අතර තුර ඊට මැදි වූ බිරියගේ සහෝදරයකුට ද මරණ කරු තියුණු ආයුදයකින් පහරදිමට උත්සහ කළ අවස්ථාවේ ඉන් බේරීමට ඒ අසල තිබූ පොල්ලක් ගෙන මරණකරුගේ හිසට පහර දී ඇත.
පහර කෑ මියගිය පුද්ගලයා එකහමාරක් පමණ ලේ ගලමින් එම ස්ථානයේම වැටී සිට ඇති බව පොලිසිය පැවසීය .
අනතුරුව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු තුවාලකරු රක්වාන රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කහවත්ත රෝහලටත් පසුව රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබුණි .
අනතුරුව දින දහයක් පමණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (04) දින ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
11 දරුපියා පිහි පහරින් මරුට