නිරෝධායන මධ්‍යස්ථාන 14 ක පුද්ගලයින් 1455 ක් දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 14 ක පුද්ගලයින් 1455 දෙනෙක් මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාව කියයි. 10 April 2020
ගම්පහ දිස්ත්‍රික්කයේ 15,000 ක් කොටු වෙලා අත්‍යාවශ්‍ය හේතුන් හැර ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට අද (10) පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග නිවාරණය සඳහා අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කමිටුව තීරණය කළේය. 10 April 2020
සතොස නියෝජිතයන් ගම් මට්ටමින් පත්කිරීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ , ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. 10 April 2020
අද කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නෑ මේ වනතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 10 April 2020
ඉන්දියාවේ කොරෝනා මරණ 200 පනී කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 206 ක් බවට පත්ව තිබේ. 10 April 2020
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තනි නොකරමු ‘කොවිඩ්-19’ වසංගතය මුළු ලෝකයටම අභියෝගයක් වී අවසන්ය. බොහෝ රටවල් ‘කොවිඩ්-19’ වසංගතය හමුවේ අන්ත අසරණ වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ අපි ද ඊට එරෙහිව සටන් වැද සිටින්නෙමු. මෙරට සිටින පුරවැසියන් ආරක්ෂා කරගැනීමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට බලධාරීහු පියවර ගත්හ. 10 April 2020
ඇඳිරිය අස්සේ මත්පැන් විකුණූ 2 ක් පොලිස් දැලේ ඇඳිරි නීතිය පනවා තිබියෙදී නීති විරෝධී අන්දමින් මත්පැන් අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු මත්පැන් බෝතල් 15 ක් සමඟ අද (10) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය. 10 April 2020
රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 9.1කින් අවප්‍රමාණය වී ඇත. 10 April 2020
කඩුවෙලට ගෙනා වැසිකිලි අපද්‍රව්‍ය වහාම ඉවත්කරන්න නියෝග කඩුවෙල වෙලේ හන්දිය ආසන්නයේ පහත් බිමකට මුදාහැර ඇති වැසිකිලි අපද්‍රව්‍ය ගෙනැවිත් දැමූ සමාගම ලවා වහා ඉවත් කරවන්නැයි නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල් ඒ ගීතාල් මහතා විසින් නවගමුව පොලිසියට නියෝග කර ඇත. 10 April 2020
පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 20,000 ක් චීනයෙන් එයි පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් අසාදනය සහතික කළ හැකි උපකරණ කට්ටල 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය. 10 April 2020
කොරෝනා වයිරසයේ ප්‍රභේද 3 ක් ගැන පර්යේෂණයකින් තහවුරු වෙයි මාරාන්තික කොවිඩ් - 19 වයිරසයේ ප්‍රභේද තුනක් ලෝකයේ පැතිරෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. 10 April 2020
කොරෝනාවෙන් ඉතාලියේ වෛද්‍යවරු 100 ක් මරුට කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇත. 10 April 2020
වන්දනාකරුවන් නැතිවත් ශ්‍රී පාදයේ තේවාවන් එලෙසම වන්දනාකරුවන් නොමැති වුවත් ශ්‍රී පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුද සිරිත් පවත්වන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව පැල්මඩුල්ල ශ්‍රී රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ. 10 April 2020
කුරුණෑගල රෝගියා කොරෝනා ආසාදිතයකු නොවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණ සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට සැක කළ රෝගියා එවැනි ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය . 10 April 2020
පැය 24 ක් තුළ ජර්මනියේ කොරෝනා ආසාදිතයින් 5323ක් ජර්මනියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 5,323 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට එරට තහවුරු කරගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 113,525ක් බවට පත්වී ඇතැයි බෝවන රෝග පිළිබඳ රොබට් කෝච් ආයතනය පෙන්වා දෙයි. 10 April 2020
කියන දේ අහන්නේ නැත්නම් බලය යෙදීමේ වරදක් තිබේද? “අවම බලය” යනු නීතියට අදාළව යෙදෙන්නෙකි. අවම බලයෙන් පසුව උපරිම බලය ආදේශ වෙයි. උපරිම බලය ආදේශ වන්නේ කළ හැකි අන් යමක් නොමැතිම වූ විටය. 10 April 2020
සියලු වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා කරයි සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් නැවත දැනුම් දෙනතුරු කොරෝනා නිරෝධායනය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 10 April 2020
කොරෝනාවෙන් සුවය ලබා තවත් අයෙක් පිටව යයි කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (10) තවත් පුද්ගලයකු පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 10 April 2020
රැකියා සුරැකෙන හෙට දවසක් කෝවිඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් ලෝකයේම ආර්ථිකය කෙතරම් පීඩනයකට පත්ව ඇත්ද යත් ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා තර්ජනාංගුලිය එසවීමට ඇමරිකානු ජනාධිපතිවරයාට සිදුවිය. අද (9 වැනිදා) පස්වරු 3.00 වන විට කොරෝනා වයිරසයෙන් ලෝකය පුරා මියගිය සංඛ්‍යාව 88,000 ක් ඉක්මවා තිබූ අතර ඒ අතර ඇමරිකානුවෝ 14,700ක් සිටියහ. 10 April 2020
කොරෝනා නකල්ස් වනාන්තරය වෙනස් කරයි කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පැවැති දැඩි නිසොල්මන් තත්ත්වය ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතිය දැඩි වෙනස්කම් රැසකට භාජනය කර ඇතැයි නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා පවසයි. 10 April 2020
කොරෝනා බලපෑමෙන් මිදෙන්න යුරෝ බිලියන 500 ක සහන මල්ලක් කොරෝනා වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත්ව සිටින යුරෝපා රටවල් ඉන් මුදාගැනීමට යුරෝ බිලියන 500 ක පැකේජයක් ලබාදීමට යුරෝපා මුදල් අමාත්‍යවරු එකගවෙති. 10 April 2020
වසා දැමූ කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි කොරෝනා ආසාදිත බවට සැකකරන රෝගියකු හමුවීම හේතුවෙන් ඊයේ (9) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද (10) පෙරවරුවේ සිට නැවත විවෘත කර ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය . 10 April 2020
කොරෝනා රෝගියා ගෙනා රියදුරු - සහායක නිරෝධානයනට අම්පාර අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරී වසමෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සඳහා පොලොන්නරුව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ. 10 April 2020
අකුරණ - බදුල්ලේ 12 ක් නිරෝධායනයට කොරෝනා ආසාදිත පුද්ගලයින් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි. 10 April 2020
කරාපිටියේදී මියගිය අයෙකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිව්දරුපියකුගේ හදිසිමරණ පරීක්ෂණය පැවැත් වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා මියගිය පුද්ගලයාගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලාවට අනුව පැය 24 ක් ඇතුළත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ආදාහනය සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය. 10 April 2020
කරන්දෙණියට උග්‍ර ජල හිඟයක් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණියේ ජනතාව කියති. 10 April 2020
අල්කාසිම්හි ආසාධිතයා ඇසුරු කළ 65 ක් පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍රදේශ වල සැගවී සිටි 65 ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට අද(9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. 09 April 2020
රුසියාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවයි රුසියාව අද(09) කොරෝනා ආසාදිත රෝගීන් 10 000 සීමාව පසු කළේය. 09 April 2020
දිවියකු සපා කෑ දරුවකු පුත්තලම රෝහලට විල්පත්තුමායිමේ ඇති පළුලහතුරේ ප්‍රදේශයේ ධීවර රැකියවේ නියැළුණු ධීවරයකුගේ හය හැවිරිදි දරුවකු දිවියකු සපාකැමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ. 09 April 2020
කොරෝනා වසංගතය දේශපාලනීකරණය නොකරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිම රටකට විශේෂත්වයක් නොදක්වන බවත් සෑම රටකටම එක හා සමාන සමීපත්වයකින් කටයුතු කරන බවත් එහි ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පවසයි. 09 April 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026