කටුනායක කම්හල් 40 ක වැඩ අරඹයි කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා 80 අතරින් කර්මාන්තශාලා 40 ක නිෂ්පාදන කටයුතු ආරමිභ කර ඇති බවත් දැනට 3000 ක සේවක පිරිසක් කර්මාන්ශාලාවල සේවයේ යෙදි සිටින බවත් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ විධායක අධ්‍යක්ෂක ඇමි.කේ.ඞී.ලෝරන්ස් මහතා පවසයි. 22 April 2020
ජංගම වෙළෙදුන්ට අද සිට පොලිසියෙන් නව උපදෙස් මාලාවක් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන් සිය වෙළෙදාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම නිසා කොවිඞ් වයිරසය ජනතාව අතරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී ඇති හෙයින් පොලිස් මුලස්ථානය අද (22) සිට ඔවුන්ට අනුගමන කළ යුතු සෙෘඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවක් හදුන්වා දී ඇත. 22 April 2020
තුන් හැවිරිදි දැරිය ජලටැංකියට වැටී මිය යයි මුලතිව් මල්ලාවි පොලිස් බල ප්‍රදේශයේ තුනුක්කායි ප්‍රදේශයේ අවුරුදු 3ක් වයසැති කුඩා දැරියක් නිවසේ ජල ටැංකියකට වැටී දියේ ගිලීම නිසා මිය ගොස් ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි. 22 April 2020
පිලියන්දල පොලිසියේ තිදෙනෙක් නිරෝධායනයට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසී ය . 22 April 2020
පැය 24 ට 588 ක් අත්අඩංගුවට ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 588 දෙනකු අත්අඩංගුවට ගෙන වාහන 132 පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 22 April 2020
කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි කහකුඩු වැඩි මිලට අලෙවිකරන වෙළදුන් සොයා අද (22) සිට වැටලීම් සිදුකිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත් බව එම අධිකාරියේ අධ්යක්ෂ (පාරාභෝගික කටයුතු හා තොරතුරු ) අසේල බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය. 22 April 2020
ඉස්ලාම් කැරළිකරුවෝ මොසැම්බික් ගම්වැසියන් 52දෙනෙකු මරාදමති මොසැම්බික් රාජ්‍යයේ උතුරු දිග ගම්මානයක වැසියන් 52 දෙනකු ඉස්ලාමීය කැරළි කරුවන් විසින් ඝාතනය කර ඇතැයි එරට පොලිසිය පවසයි. 22 April 2020
අමෙරිකාවේ දෙවැනි කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක් අමෙරිකාව තුළ දෙවැනි වරට කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් රෝග පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු විසින් සිදුකර තිබේ. 22 April 2020
පොල්ලකින් පහර දී කාන්තාවක් ඝාතනය කරලා කොබෙයිගනේ ,බමණුගම පදිංචි 50 වියැති කතකට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවත් ,සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවක් කොබෙයිගනේ පොලීසිය පවසයි. 22 April 2020
ඇඳිරිනීතීයේදී මත්පැන් අලෙවිසැළට ඇතුළු වීමට දැරූ උත්සාහය අසාර්ථක වෙයි ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසළක් කිසියම් පිරිසක් අද (22) අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන යාමට උත්සහ කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. 22 April 2020
පහරදීමකින් අයෙක් මරුට : සැකපිට එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට වතුර මෝටරයක සම්බන්ධයෙන් නිවෙස් දෙකක පුද්ගලයන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් එක් නිවසක තිදෙනෙකු විසින් අනික් නිවසේ අයට අතින් පයින් හා පොලුවලින් පහර දීම නිසා එම පුද්ගලයා මියගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසයි. 22 April 2020
මියන්මාරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි වැදී මරුට කොවිඩ් - 19 පරීක්ෂණ නියැදි ලබා ගැනීමේ කටයුත්තකට මියන්මාරයේ ගැටුම් සහිත කළාපයට ගොස් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. 21 April 2020
මැලේසියාව දිනකට පාර්ලිමේන්තුව කැඳවයි කොරෝනා වසංගතයත් සමඟ එක් දිනක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මැලේසියාව තීරණය කර ඇත . ඒ අනුව මැයි 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන අතර එදින කිසිදු විවාදයක් නොපැවැත්වේ. 21 April 2020
බණ්ඩාරනායක මාවතෙන් නිරෝධායන මධ්‍යස්ථානයට කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙනයාමට පෙර අවශ්‍ය කටයුතු සූදානම් කළ ආකාරය 21 April 2020
බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට බොරලැස්ගමුව විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විහාරස්ථානය තුළම අද (21) ස්වයං නිරෝධනයට ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසීය. 21 April 2020
කොරෝනා ලොව පුරා මාධ්‍ය නිදහසට තර්ජනයක් බව මාධ්‍යවේදීහු පවසති කොරෝනා වයිරස වසංගතය ලොව පුරා මාධය නිදහසට ද තර්ජනයක් වී ඇති බව වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශකය පෙන්වා දෙයි. 21 April 2020
සීල් අරක්කු වැඩි මිලට විකුණූ ඌරුබොක්ක රට බීම හළ වටලයි රජය විසින් අද (21) දින සිට යලිත් මත්පැන් අලෙවිසැල් නැවත දැනුම්දෙන තුරු වසා දමන ලෙස නියෝග කර තිබියදී එම නියෝග නොතකා ඌරුබොක්ක රටබීම හලේ ඉහල මාලයේ වැඩි මිලට සීල් අරක්කු විකුනමින් සිටි සේවකයින් දෙදෙනෙකු සීල් අරක්කු බෝතල් 60 ක්ද සමග අද (21) අත් අඩංගුවට ගත් බව දෙණියාය විශේෂ පොලිස් බලකාය පවසයි. 21 April 2020
පොලිස් පරීක්ෂකට පහර දුන් මත්පැන් ජාවාරම්කරු රිමාන්ඩ් වාරියපොළ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීම සහ දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන කුරුණැගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) නියෝග කර තිබේ. 21 April 2020
කොරෝනාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක් ‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 21 April 2020
පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් අද (21 )දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය. 21 April 2020
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ වසරක් සපිරුණු පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයන් 197 දෙනකු අත් අඩංගුවේ පසුවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 21 April 2020
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම නවත්වයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙළඳාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 21 April 2020
පාස්කු ප්‍රහාරයයෙන් මියගිය අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් අදට වසරක් සපිරෙන අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල අගරදගුරු මැදුරේ පිහිටි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි. 21 April 2020
‘‘මැතිවරණයට දින නියම කළත් වැඩි අවධානය දිය යුත්තේ කොරෝනා මර්දනයටයි‘‘ මැතිවරණය කොමිසම මගින් මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇතත් මේ මොහොතේ ආණ්ඩුවේත්, මැතිවරණ අපේක්ෂකයින්ගේ මෙන්ම මැතිවරණ කොමිසමේත් අවධානය සම්පූර්ණයෙන් යොමු විය යුත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ලංකාදීපයට පැවසීය. 21 April 2020
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට කොරෝනා අසාදිත වු පුද්ගලයින් 6 දෙනකු අද(21) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 21 April 2020
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පිරිස 35,000 ට ආසන්නයි ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා දිවයින පුරා සැකකරුවන් 34,500 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය. 21 April 2020
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් 14 ක් පාස්කු ප්‍රහාර මාලාවේ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨායයේ පොලිස් කණ්ඩායම් 14 ක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 21 April 2020
ඉන්දීය ජනාධිපති සිටින වතුයායේ අයකුටත් කොරෝනා ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට්‍රපති බවන්’ හි පිරිසුදු කිරීමේ සේවකයකුගේ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති තහවුරු වීමත් සමඟ පවුල් 100 වැඩි ගණනක් නිරෝධායනයට යොමු කර ඇත. 21 April 2020
තෙල් ටැංකි උතුරයි - මිල තුට්ටුවට බහී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත. 21 April 2020
පන්නිපිටියේ පෞද්ගලික රෝහලක 7 ක් නිරෝධායනයට බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගියා අවසන් වරට ප්‍රතිකාර ලැබූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලය පී. සී . ආර් පරීක්ෂණයට ලක් කර එහි කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට ලක් කළබව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පවසයි. 21 April 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026