අනතුරින් පසු බසයට පහර දුන් පහක් අල්ලයි නිරෝධායනය සඳහා යොමු කළ පිරිසක් රැගෙත් සුඛෝප භෝගී බසරථයක යාපනය, මට්ටුවිල් ප්‍රදේශයේ දී පා පැදිකරුවකු ගැටී මිය යාමත් සමග ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයට ගල්මුල්වලින් පහරදී අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි. 10 June 2021
කොල්ලුපිටියේ සාදයට ගිය නවයට ඇප නිරෝධායන නිති උල්ලංඝනය කරමින් කොළඹ කොල්ලූපිටිය ක්‍රෙස්කැට් මොනාච් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු නව දෙදෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2021
රනිල් මේ මස 22 දිවුරුම් දෙයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 10 June 2021
සෞඛ්‍යයේ අවසර පත්‍රයෙන් කුඩු විකුණලා සංචරණ සීමා පවතින කාල කාලසීමාව තුළදී අලෙවිය සඳහා රැගෙන යාමට සන්තකයේ තබාගෙන තිබූ කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍යය සමග කොළඹ සොයිසා කාන්තා රෝහලේ සුළු සේවකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි. 10 June 2021
ලක්ෂ 22 ක මුදල්-මත්කුඩු සමඟ යුවළක් මහනුවරින් අල්ලයි සුඛෝපභෝගී මෝටර් රථයකින් මහනුවර හා අවට ප්‍රදේශවලට මත්කුඩු බෙදා හරිමින් සිටි යුවළක් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය පවසයි. 10 June 2021
ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000 ක් හෙට දිවයිනට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා හැට පන් දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය . 10 June 2021
වසරේ පළමු සූර්යග්‍රහණය අද මෙම වසරේ පළමු සූර්යග්‍රහණය අද (10) සිදුවන අතර එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 10 June 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක්? ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් ප්‍රදර්ශනය වන බව වාර්තා . 10 June 2021
එලෙව පොල් පෙනෙන රජරට සහල් මිල රජරට ප්‍රදේශයේ සහල් මිල යළිත් ඉහළ නැඟ ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 10 June 2021
මාගල්කන්දේ සුදත්ත හිමිට කොරෝනා නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියනට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 10 June 2021
අලියකුගේ පහරදීමෙන් දෙදරු පියෙක් මරුට පැලක සිටි ගොවියෙකු වන අලියෙකුගෙන් බේරා ගැනීමට එහි යමින් සිටි දෙදරු පියෙකු එම වල් අලියාගේ පහරදීමකින් අද (10 ) මියගොස් ඇති බව ගල්ගමුව පොලිසිය පැවසීය. 10 June 2021
කුඹුරේ වැටී සිටි ඇතකු මසකට පසු නැගිට්ටුවයි කිසියම් අනතුරකට ලක්ව මාසයක ආධික කාලයක සිට ප්‍රතිකාර ලබ මින් සිටි ඇතකු බැකෝ යන්ත්‍ර මගින් නැගිට්ටුවීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ. 10 June 2021
දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින් බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 10 June 2021
‘සමාජ මාධ්‍යයේ අදහස් පළ කළාම අත්අඩංගුවට ගන්නා තරමට ආණ්ඩුව බය වෙලා‘ පුරවැසියෙක් සමාජ මාධ්‍යයෙන් යම් අදහසක් ප්‍රකාශ කළ පසු ඔහු අත්අඩංගුවට ගන්නා තරමට ආණ්ඩුව බියට පත්ව සහලවා උණ ගන්නා තත්ත්වයකට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 10 June 2021
දොම්පේ පෞද්ගලික කර්මාන්තශාලාවක 92කට කොරෝනා දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මීතිරිගල රන්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් 92කට කොරෝනා ආසාදනය වීමෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. 10 June 2021
ශ්‍රේෂ්ඨාධිකරණය යසසිරිගේ පෙත්සම විසි කරයි යශෝධා සමූහ ව්‍යාපරයේ අධිපති යසසිරි කස්තුරිආරච්චි මහතාට අයත් නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් වෙන්දේසියේ විකිණීමට මහජන බැංකුව ගත් තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් මහජන බැංකුවට ගෙවන ලෙසද යසසිරි කස්තුරිආරච්චි මහතාට නියෝග කළේය. 10 June 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ටත් කොරෝනා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තුව මන්ත්‍රී කාදර් මස්තාන් මහතාටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත . 10 June 2021
‘‘ලංකාදීප‘‘ නොගැටෙන නෙත පලක් නැතේ සීමා සංචරණ දස දෙස හතර වටේ තොරතුරු පිපාසය එනිසා දැඩිව දැනේ නොකා නොබී කුසගිනි ඇවිලුනත් හිතේ ‘‘ලංකාදීප‘‘ නොගැටෙන නෙත පලක් නැතේ 10 June 2021
විදුලි බලාගාරයේ වයර් කැපූ හතක් මාට්ටු තලේමන්නාරම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 June 2021
කොල්ලුපිටියේ සුපිරි නිවෙසක සාදයක් පැවැත්වූ නවයක් දැලේ කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වූ විදේශිකයන් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත්කො බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 10 June 2021
ප්‍රා. මන්ත්‍රිගෙන් ගුටි කෑ දෙකක් රෝහලේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක් වූ බව කියන දෙදෙනකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 10 June 2021
පළාත් රැසකට තවදුරටත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 June 2021
‘‘මානව හිමිකම් යෝජනාව ඉවත් කරන්න ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි‘‘ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ කොන්ග්රස් සභික ඩෙබොරා රොස් ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමෙරිකා තානාපති මාටින් ටී. කෙලි මහතාට දැනුම් දුන්නේය. 10 June 2021
ගෑස්වලට ගැසට්ටුවක් සියලුම ගෘහස්ථ ගෑස් අළෙවිසල්වල කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය. 10 June 2021
කොරෝනා මරණ 1900 සීමාව පනී කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 67 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (9) තහවුරු කළේය. 10 June 2021
වැඩිම කොරෝනා මරණ කළුතරින් කොරෝනා මරණ වැඩිපුරම වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රිකයෙන් යැයි ද එම මරණවලින් සියයට 28ක් නිවෙස්වලදි මියගොස් තිබීම විශේෂත්වයකැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 09 June 2021
පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන ගණනාවක් තහනම් කිරීමට යයි පොලීතින් සහ ප්ලාස්ටික්වලින් නිපදවන තවත් ද්‍රව්‍ය ගණනාවක් ඉදිරියේදදී තහනම් කිරීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 June 2021
තවත් ආසාදිතයින් 543 ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 543 දෙනකු අද (9) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 09 June 2021
‘‘සජබ අනාගතය සජිත්ගේ හැසිරීම මත‘‘ සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 09 June 2021
සැර කොරෝනා වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට හෙට තවත් සැර කොරෝනා වයිරස ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්දැයි සෙවීම සඳහා ආරම්භ කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයාට ඊයේ (8) උදේ බාරදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 09 June 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026