“චීන පොහොර ලංකාවේ ගොඩබෑමට නොදෙන බව නිලධාරීන්ට දන්වලා’’ මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති නිලධාරීන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. 08 November 2021
“හොරුන්ට දඩුවම් කරන්න ඇවිත් ඩොලර් මිලියන 20 සාක්කුවේ දාගත්තා’’ එයාර් බස් ගිවිසුම අහෝසි කර වන්දි ගෙවීමේ දී යහපාලන ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක පමණ මුදලක් වංචා කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 08 November 2021
නීතිවිරෝධීව සූර්වෙන අය සියයට 300කින් ඉහළ ගිහින් ශ්‍රීලංකාවේ තුළ නීතිවිරෝධී මත්වතුර වර්ධනය වේගය සියයට 300න් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ 08 November 2021
තමිල්නාඩුවටත් මහ වැසි බෙංගාල බොක්කේ වර්ධනය වූ සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ද මහ වැසි ඇදහැලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 08 November 2021
පුත්තලමෙත් පාරවල් ජලයෙන් යටවෙයි පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහ වර්ෂා හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා පවසයි. 08 November 2021
කොවිඩ් ආසාදිතයන් තව 512ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 512 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 November 2021
අපදාවලට සහන දෙන්න නාවික හමුදාව සූදානමින් දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව පවසයි. 08 November 2021
කොවිඩ් මරණ 19ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 November 2021
ධීවරයන්ට කාලගුණෙන් අනතුරු ඇගවීමක් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශයේ සහ දකුණු දිග මුහුදු ප්‍රෙද්ශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 08 November 2021
විශ්‍රාමිකයන් අග්‍රහාර රක්ෂණ ක්‍රමය විශ්‍රාමිකයන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක කරවීමේ වැඩසටහනට විශ්‍රාමිකයන්ගේ කැමැත්ත හෝ අකමැත්ත පළකිරීමට මාසයක කාලයක් ලබාදෙන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පාළාත් පාලන ආමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහාතා උපදෙස් දී තිබේ. 08 November 2021
“කොරෝනා නිසා රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්නෙත් අමාරුවෙන්’’ කොරෝනා තත්ත්වය යටතේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවන්නෙත් අමාරුවෙන් යැයි පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2021
ප්‍රේමලාල් ජයසේකරගේ පෙත්සම සළකාබැලීම අරඹයි රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම් නියම ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙක් එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම් විභාගය අද (08) අභියාචනාධිකරණයේදී ආරම්භ කෙරිණි. 08 November 2021
‘එක රටක් එක නීතියක්’ බළකාය ව්‍යවස්ථා විරෝධීයි එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි. 08 November 2021
කර්මාන්ත ඇමැති කර්මාන්ත සමුළුවට ජකර්තා යයි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගිවීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය. 08 November 2021
නුවරඑළිය - හැටන් පාරට පස් කන්දක් කඩා වැටෙයි නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට අද සවස විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 08 November 2021
‘‘පොහොර ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවේ‘‘ කාබනික පොහොර රැගත් නෞකාව පිළිබඳ ප්රශ්නය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් එය හුදෙක්ම වාණිජ ගණුදෙනුවක් හේතුවෙන් පාර්ශවකරුවන් දෙදෙනකු අතර ඇති වූ ප්‍රශ්නයක් බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (8) පැවසීය. 08 November 2021
‘‘පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන්ගේ ඇඟ අත ගාන්නේ ඇයි‘‘ පාර්ලිමේන්තුවට පිවිසීමේ දී මන්ත්‍රීවරුන්ගේ ඇඟපත අතගා පරික්ෂා කිරීමට තීරණයක් ගෙන තිබෙන්නේ කවුරුන් හෝ බෝම්බයක් වත් ගේනවා කියා බුද්ධි තොරතුරක්වත් ලැබුණු නිසා දැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 08 November 2021
කෝටි 350 ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 3.5 ක් හෙවත් රුපියල් කෝටි 350 ක මූලික පිරිවැයක් දරමින් සිංගප්පූරු සමාගමකින් 2016 වසරේ ලබාගත් ආදායම් පරිපාලන හා කළමණාකරණ පරිගණක තොරතුරු පද්ධතිය හෙත් ‘රැමීස් පද්ධතිය’ තක්සේරු වාර්තාවක් හෝ නිකුත් කිරීමට නොහැකි තත්වයට පත්ව ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 08 November 2021
ආඳාදොළ ඇල්ල චණ්ඩ වෙයි වලපනේ සිට පදියපැලැල්ල රිකිල්ලගස්කඩ හඟුරන්කෙත හරහා මහනුවර මාර්ගයේ මුංවත්ත ප්‍රදේශය ආසන්නයේ ඇති ආදාවල දිය ඇල්ල මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ චණ්ඩ ස්වභාවයක් ගෙන ඇතැයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 08 November 2021
පස්යාලේ දී කන්ටේනර් වෑන් ගැටී දෙකක් බිලි පස්යාල ගිරිඋල්ල මාර්ගයේ දන්සැලේ වත්ත ප්‍රදේශයේ දී අද (8) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 08 November 2021
බෙන්තර ජාත්‍යාන්තර පාසලක සිසුන් 17කට කොරෝනා බෙන්තොට ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකුය කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය 08 November 2021
ඉටුකම අරමුදලේ කෝටි 186ක මුදලක් ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ රුපියල් කෝටි 186 කට වැඩි මුදලක් දැනට පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 November 2021
මාධ්‍යයට එන අයට පුහුණුවක් දෙන්න වරලත් මාධ්‍යවේදී ආයතනයක් මාධ්‍ය වෘත්තීයට පිවිසෙන අය සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ලබන මැයි මාසය වන විට එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2021
ක්‍රිකට් දියුණු කරන්න තීරණ රැසක් ක්‍රිකට් ක්‍රීඩාවෙි දියුණුව වෙනුවෙන් ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගන්නා බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2021
මාවනැල්ලේ ගුරුවරු හෙට පාසල් නොයති මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් මාවනැල්ල අධ්‍යාපන කලාප කාර්යාල ගුරුවරු අද සංකේත වැඩ වර්ජනයක නිරත වෙති. 08 November 2021
අධිකරණයට අපහාස කළැයි පාදෙණියට එරෙහි නඩුවේ මූලික විරෝධතා තීන්දුව 23 මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට , ඔහු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය. 08 November 2021
එන්නත් කටුවෙන් මත් ලෝලීන් මත් කළ ජංගම මත් වෙළෙන්දා මාට්ටු වේදනා නාශකයක් ලෙස ලබාදෙන අධි මාත්‍රාවෙන් යුතු ඖෂධයක් එන්නත් මගින් මත් ලෝලීන්ට ලබා දුන් බව කියන ජංගම මත් ජාවාරම්කරුවකු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. 08 November 2021
අංගොඩ ලොක්කාගේ බිරිද කොළඹ අපරාධ කොට්ඨාසයට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තිබු පවුම් 38 ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශක් දීමට අංගොඩ ලොක්කාගේ බිරිඳ කොළඹ අපරාධ කොට්ඨාසට පැමිණි බව පොලිසිය පවසයි. 08 November 2021
සභානායකවරයා නැතිව මැතිසබය පැය භාගයකට ඇනහිටියි සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සභාවේ නොසිටීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) පස්වරුවේ පැය බාගයකට පමණ ඇන හිටියේය. 08 November 2021
විදෙස්ගත ශ්‍රමිකයින්ට පොදු සමා කාලයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචිය ලබා ගැනීමට සති හතරක විශේෂ සහන කාලයක් කාර්යංශය මගින් ලබා දී ඇත. 08 November 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026