කොත්තුවේ මිලත් ඉහළ යයි කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 5 කින් සහ කොතුරොටියක මිල රුපියල් 10 කින් අද (29) සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 29 November 2021
ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය 29 November 2021
කුණු අල කිලෝ 45,000ක් දඹුල්ලේ ගබඩාවකින් මතු වෙයි මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවක සිද්ද කරමින් තිබියදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සොයාගනු ලැබීය. 29 November 2021
අද ආසාදිතයන් 742 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 210 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 November 2021
ගෑස් කාන්දුවක් දැයි සොයන්න උපදෙස් ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු එය නිවස තුළට ගැනීමට පෙර කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්ෂා කර බැලීම සුදුසු බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂන ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසයි. 28 November 2021
මොරන්තුඩුවේ නිවසක ගින්නක් මොරොන්තුඩුව , මාවල, මහාරැක්ම සොහොන මැද පාර නිවසක අද රාත්‍රි ගින්නක් හටගෙන ඇතැයි මොරොන්තුඩුව පොලිසිය කියයි . 28 November 2021
මේ දක්වා කොරෝනා නව රෝගීන් 532ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 532 දෙනකු අද (28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 November 2021
ගෝලීය කොරෝනා ව්‍යාප්තිය තරමක අඩුවක් ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 28 November 2021
කොරෝනා මරණ 27ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 November 2021
දේශීය වෛද්‍යරු බටහිර වෛද්‍යවරුන්ට නඩු දමන්න යති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද හා දේශීය ප්‍රතිකාරවලට දිගින් දිගටම අකුල් හෙළමින් සිටින හෙයින් එම සංගමයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව කියයි. 28 November 2021
‘පොඩි මැණිකේ’ බදුලු යන්න සූදානම් අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගවලට හානිසිදුවීම නිසා අත්හිටුවා තිබූ උඩරට සහ පුත්තල මාර්ගවල දුම්රිය ධාවනය හෙට (29) නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 28 November 2021
පුද්ගලික මුල්‍ය ආයතනයක කෝටි 54 ක මුදල් වංචාවක් පුද්ගලික මූල්‍ය ආයතනයක් වන එන්ට්‍රස්ට් ලිමිටඩ් නම් ආයතනයේ තැන්පත් කළ 50,000කට ආසන්න ගනුදෙනුකරුවන් පිරිසකගේ රුපියල් කෝටි 54කට ආසන්න මුදලක් ඔවුනට අහිමි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2021
කුරුණෑගල පුර සභාව අමුතු තැනකින් පාසල් බඩු මිලට අරන් කුරුණෑගල මහ නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල් සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා පාසල් උපකරණ මිලදී ගෙන ඇති ආයතනය පිළිබඳව සොයා බැලීමේදී එය පාසල් උපකරණ අලෙවි කරන ආයතනයක් නොව වාහන අමතර කොටස් අලෙවි කරන ආයතනයක් බවට තොරතුරු හෙළිවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. 28 November 2021
පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකිවල ලීක් පුත්තලම දළුව සහ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුවේ නිවෙස් දෙකක ගෑස් ටැංකි දෙකකින් ගෑස් කාන්දුවක් හේතුවෙන් එක් නිවෙසක සිලින්ඩරයක් ගිනිගෙන ඇති අතර අනෙක් නිවසේ ගෑස් ටැංකිය කඩිනමින් නිවසින් ඉවත් කළ බව එහි නිවැසියෝ පැවැසූහ. 28 November 2021
ගුවන් තොටුපළ පී.සී.ආර්. පරීක්ෂණ වාහාම අරඹන්න දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති ‘ඔමික්‍රෝන්’ නැමැති විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබදව සැළකිලිමත් නොවුණ හොත් බරපතල තත්වයක් ඇතිවිය හැකි බවත් එම ප්‍රභේදය ආසාදිතයන් රටට ඇතුල්වීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණ වාහාම ආරම්භ කළ යුතු බවත් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 28 November 2021
ගඟේ ගිළුණු මෝටර් රථය පැය 14කට පසු ගොඩ ගනී - වීඩියෝ මහනුවර තැන්නෙකුඹුර ගුරුදෙණිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය පැය 14 පසු අද දහවල් ගොඩ ගත් බව පොලිසිය කියයි. 28 November 2021
කැලණි ගඟ අපවිත්‍ර කරන තැන් 1700 සොයා ගෙන කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත. 28 November 2021
නුවරඑළියේ ගොවියාගෙන් වැඩිමිලට එළවලු මිලදී ගනී නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (28) සිමිත එළවලු ප්‍රමාණයක් පමණක් ලැබුණු බවත්,ගොවියාගෙන් වැඩි මිලකට ගොවිපොලේදිම එලවළු මිල දි ගත් බවත් නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ කියති. 28 November 2021
නිල්දණ්ඩාහින්න-වලපනේ මාර්ගයට ගල් පෙරළෙයි නුවරඑළිය වලපනේ ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවක් සමග නිල්දණ්ඩාහේන වලපනේ ප්‍රධාන මාර්ගයේ පුස්සලපිටිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට ගල් කිහිපයක් අද (28) පෙරලීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 28 November 2021
ඉන්ධන පිරවුම්හළකට පැන මුදල් කොල්ල කෑ දෙදෙනකු අත්අඩංගුවට මහරගම හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා , ඔහු සන්තකයේ තිබූ රුපියල් හතළිස් පන්දහසක මුදලක් කොල්ලකා පළාගිය , පුද්ගලයින් දෙදෙනෙකු දින 28 කට පසුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර -දකුණ අපරාධ කොට්ඨාසය පවසයි . 28 November 2021
දේශීය පාවහන් කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන් ක්ෂේත්රයේ ලක්ෂ පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. 28 November 2021
කාන්තා ක්‍රිකට් පිල සිම්බාබ්වේ හිරවෙයි සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබියදී ඊයේ (27) අත්හිටුවූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබී ක්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි සිරවී සිටියි. 28 November 2021
‘ගෙදරට කොටුවූ දරුවන්ට මානසික ගැටළු’ කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ගෙදරට කොටුවූ දරුවන් අතුරින් දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටළුවලට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 November 2021
‘‘තහනම් රටවලින් සංචාරකයන් පැමිණ නෑ‘‘ ගුවන් මගීන් පැමිණිම තහනම් කළ අප්‍රිකා කලාපයේ රටවල් 06න් සංචාරකයන් ගතවූ 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 28 November 2021
පාන්පිටි මිල ඉහළට පාන්පිටි (තිරිඟු පිටි) කිලෝවක් රුපියල් 18.50 කින් ඉහළ දැමීමට පාන්පිටි නිෂ්පාදකයන් කටයුතු කර ඇතැයි තොග වෙළෙන්දෝ පවසති. 28 November 2021
ගෑස් ප්‍රමිතිය පිරික්සන්න දිස්ත්‍රික් 7කින් සාම්පල ගනී වෙළෙඳපොළ තුළ ඇති ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 7 කින් සාම්පල ලබාගෙන ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා යොමු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 28 November 2021
උතුරේ මහවිරු සැමරුම් යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් උතුරු පළාතේ ස්ථාන කිහිපයක මහවිරු සැමරුම් වැඩසටහන් කිහිපයක් ඊයේ (27) සවස පැවැත්වීය. 28 November 2021
නාල්ල-කොටදෙණියාව පාර ජලයෙන් යට වෙයි දෙසතියක් ඇතුළත දෙවන වතාවටත් මා ඔය පිටාර ගැලීමෙන් නාල්ල දිවුල්දෙනිය කොටදෙනියාව වැලිහිඳ ප්‍රදේශ අද ( 28) අලුයම වන විට යළි ජලයෙන් යටවීගිය අතර මාර්ග රැසක වාහන ගමනාගමනය ද අඩාල විය. 28 November 2021
මත්කුඩු ජාවරම්කරුවෙක් මත්පෙති-කඩු සමඟ අත්අඩංගුවට පුත්තලම - සිරම්බිඅඩිය සෙම්මන්දළුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදුණු තරුණයෙක් සමග හෙරෝයින් මත් කුඩු ,මත් පෙති හා කඩු තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයි කියයි. 28 November 2021
කුඩු-කසිප්පු ජාවාරම්මු ගැටී තුනක් රෝහලේ බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කසිප්පු ජාවාරම්කරුවන් ෙදපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 28 November 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026