කොක්කඩිච්චෝලේ පාරම්පරික සහල් නිෂ්පාදකයන්ට කොමර්ෂල් බැංකුවේ සහාය කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප්‍රතිලාභීන් ලෙස මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. 25 February 2022
CL සිනර්ජි SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු වේ වර්ෂ 2022 සඳහා ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත. 25 February 2022
සිරුර නිරෝගීව තබන ‘යෝගා‘ යෝගා කලෙකදී මෙරට ඉතා ජනප්‍රිය මාතෘකාවකි. සැබැවින්ම යෝගා යනු සුවිශේෂී ව්‍යායාම් වර්ගයකි. මුළු සිරුරම ආවරණය වන පරිදි මාංශ පේශී සියල්ලටම යෝග ව්‍යායාමය ලබා දිය හැකියි.ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමටත්, නිරෝගීව ජීවත් වීම උදෙසාත් නිවැරැදි යෝග ව්‍යායාම්හි නිරත වීම වැදගත් වේ. යෝග කිරීමෙන් සිරුරට පහත සඳහන් වාසි සැලසේ. 25 February 2022
පුකුඩු කන්නාගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමග මාට්ටු විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩු කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සමඟ කෙරවලපිටිය දී අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි 25 February 2022
අමිල වේරගොඩට ඇප ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා රුපියල් 20,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (25) නියෝග කළේය. 25 February 2022
කොවිඩ් ආසාදිතයන් තව 1,286ක් කොවිඩ් ආසාදිතයින් තව 1,286 ක් අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 25 February 2022
කොවිඩ් මරණ 26ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 February 2022
ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 25 February 2022
සති අන්තයේ රාත්‍රීයේ විදුලිය කපන්නේ නෑ එළඹෙන සති අන්තයේ (අද සහ හෙට) රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හෙට (25) පස්වරුවේ පැවසීය. 25 February 2022
දුම්රිය අංගනවල ඇති පරණ යකඩ අලෙවියට පියවර දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම අංගනවල තිබෙන පරණ යකඩ ඇතුළු අබිලි ද්‍රව්‍ය මාස තුනක් ඇතුලත නිසි ටෙන්ඩර් ක්‍රමවේදයන්ට අනුව අලෙවි කිරිමට කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට අද (25) උපදෙස් දෙනු ලැබීය. 25 February 2022
රුසියාව යුක්රේනයේ හදවතට කඩා වදියි රුසියානු හමුදා යුක්රේන කියෙව් නගරයට ඇතුල් වී ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 February 2022
ඒ.එස්.පි.ට විශේෂ ආරක්ෂාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සහ මිනිමරුම් විමර්ශන ඒකකය බාර සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 25 February 2022
යුක්රේන - රුසියා අර්බුදය ගැන ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිිළිවෙතක යුක්රේන - රුසියා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. 25 February 2022
තෙල් නැතුව බස් 400ක් කොට උඩ ඉන්ධන හිගය හේතුවෙන් අද (25) දිනයේත් බස් රථ ධවනයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බස් සංගම් සඳහන් කරති. 25 February 2022
රනිල් පෙත්සමට නීතිපතිට නොතීසි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටින ලෙස තමා වෙත නිකුත්කර තිබෙන නියෝගයක් අත්හිටුවා තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකරනු ලැබ ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු මස 02 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය නිතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අද (25) නොතීසි නිකුත් කළේය. 25 February 2022
රුසියාවට එරෙහිව විරෝධයක් රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. 25 February 2022
බත්තල විදුලි බලාගාරය නැවත අක්‍රීය වෙයි මුහුද මධ්‍යයේ යාත්‍රාවකව ස්ථාපිත බත්තල විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා එම බලාගාරය අද (25) පස්වරු 3.00 ට පමණ අක්‍රීය වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 February 2022
විදුලි කණුවට නැග්ග පිඹුරා බේර ගනී මොරගහහේන නගරයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට අධිබලැති විදුලි කණුවක කුහරයක් මත සිටි අඩි හයක් පමණ දිග පිඹුරකු බේරා ගත්තේය. 25 February 2022
රන්ජන් වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තරයට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 25 February 2022
අපුර ත්‍රිරෝද රියැදුරෝ පාර වසා විරෝධයේ ’’උරුමය සුරකින අභිමන් පුරයක්’’ යන නමින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ලංකාවේ ලොකුම ත්‍රීරෝද රථ ගාලේ රියදුරන් සහ එයින් යැපෙන පවුල්වල අඹු දරුවන් පාරට ඇද දමා ඇතැයි පවසමින්, අනුරාධපුර නව බස්නැවතුම්පල අසල ත්‍රිරෝද රථගාලේ රියදුරෝ අද එම බස් නැවතුම්පළ ඉදිරිපිටින් දිවෙන ප්‍රධාන මාර්ගය වසා දමා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 25 February 2022
‘‘එදිරිවාදිකම් නවතා සාමය ආරක්ෂා කරමු‘‘ එදිරිවාදිකම් නවතා උපරිම සංයමයකින් ක්‍රියා කරන්නැයි රුසියානු - යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි. 25 February 2022
විදුලි ගාස්තු වැඩි කරන්න යෝජනාවක් විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජයට යෝජනා කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 February 2022
පාස්කු පරීක්ෂණ ගැන ප්‍රශ්නයක් තිබෙනවා පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25)පැවසීය. 25 February 2022
කිරි ගොවියාට රුපියල් 100ක ඉහල මිලක් දියර කිරි සදහා කිරි ගොවියාට රුපියල් 100 ක ඉහල මිලක් ලබා දීමට පියවර ගන්නා බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් මහතා කොළඹදී අද (25) පැවසීය. 25 February 2022
තුවාල වී මැරුණු කොටියෙක් නල්ලතන්නියෙන් හමුවෙලා තුවාල සහිතව මියගොස් සිටි හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ සිරුරක් අද (25) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. 25 February 2022
’’ඕනෑම පරීක්ෂණයකට සූදානම්’’ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය. 25 February 2022
දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී පාපැදියකින් ගමන්කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මිය ගොස් ඇගේ පියා බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි. 25 February 2022
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති. 25 February 2022
ජනපති ‘මිල්කෝ’ ආයතනයට යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ අද (25) නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 25 February 2022
කුඩාඔය අමුණේ වැලිකැණීම් බලපත්‍රය අත්හිටුවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බී කලාපයේ විජයබාහුපුර කොට්ඨාසයේ කුඩාඔය අමුණේ වැලි ලබාගැනීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර තිබූ වැලි කැණීම් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත. 25 February 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026