තනතුරින් ගියත් සැප එලෙසමයි කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. 07 April 2022
ත්‍රිරෝද - ලොරි ගැටුමින් මව පියා දරුවා මරුට තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගමදී ත්‍රිරොද රථයක් හා කුඩා ලොරියක් මුහුණට ගැටීමෙන් මව පියා සහ කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 April 2022
‘ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සමාව ගත යුතුයි‘ ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සමාව ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 April 2022
ශ්‍රී ලංකාවට යන්නේ කල්පනාවෙන් - ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයන් සඳහා ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අගවමින් නිවේදනයක් නිකුත් කර තිබේ. 07 April 2022
‘ජනපති කොමිසමට කැඳවීම වරප්‍රසාද කැඩීමක් ‘ පාර්ලිමේන්තුවේ තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්කි විමසීම සඳහා දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇතැයිද එය තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් යැයිද හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (7)පැවසීය. 07 April 2022
බොපේ ප්‍රා.සභාවට ගම්මු කඩාපනිති බෝප පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. 07 April 2022
පුටින්ගේ දියණියන්ට හිටපු බිරිඳට සම්බාධක යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනාටත්, පුටින්ගේ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 07 April 2022
‘විවාදයේදී හොඳ අදහස් නොලැබීම කණගාටුදායකයි‘ රටේ තත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී අර්බුදය විසඳීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් යහපත් විසඳුම් සහ අදහස් ප්‍රමාණවත් පරිදි නොලැබීම කණගාටුදායක යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2022
දැඩි රස්නෙන් නැති ලෙඩ හැදෙන්න පුලුවන් මේ දවස්වල උෂ්ණත්වය ඉහළයි. ඒ නිසාම දහදිය පිටවීමත් වැඩියි. සෑම වසරකම මාර්තු සහ අප්‍රේල් මාසවල අපේ රටට හිරු මුදුන් වන කාලයයි. එබැවින් අන් කවරදාටත් වඩා මාර්තු, අප්‍රේල් මාසවලදී අධික උෂ්ණත්වයක් දැනෙන අතර දහදිය දැමීමද වැඩි වශයෙන් සිදු වේ. මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය නිසාවෙන් කුඩා දරුවන් වැඩි වශයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්රවණතාවක්ද පවතී. 07 April 2022
DSI ටයර්ස් SLIM සම්මාන රැසකින් පිදුම් ලබයි DSI ටයර්ස් සමාගම SLIM Brand Excellence-2021 සම්මාන උළෙලේදී විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍ර රැසක සමාගම් රැසක් සමඟ තරඟ කර Local Brand of the year රීදී සම්මානයෙන් සහ Product Brand of the Yearලෝකඩ සම්මානයෙන් මෙන්මSLIM DIGIs 2.1 සම්මාන උළෙලේදී Best SEO/SEM Campaign රිදී සම්මානයෙන්ද, Best digital marketing campaign in Automotive/ Industrial Manufacturingලෝකඩ සම්මානයෙන්ද පිදුම් ලැබීය. 07 April 2022
අධිභාර පනත ඡන්දයකින් තොරව සම්මතයි ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතවිය. 07 April 2022
‘ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල‘ ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. 07 April 2022
ජනපති පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 10.13 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය. 07 April 2022
CA ශ්‍රී ලංකා වෙතින් වංචාවට හා දූෂණයට එරෙහිව සුවිශේෂී පාඨමාලාවක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA ශ්‍රී ලංකා), ඇමරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් Association of Certified Fraud Examiners (ACFE) සමඟ අත්වැල් බැඳගනිමින්, මූල්‍ය වංචාවට හා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා මූල්‍ය වෘත්තිකයන්ට සහයෝගය ලබා දීමේ අරමුණින් ගෝලීය පාඨමාලාවක් හඳුන්වා දීම පසුගිය දා සිදුකෙරිණි. 07 April 2022
නිධන් හැරීමට ගිය කපුවෙක්-කාන්තාවක් ඇතුළු 4ක් මාට්ටු කල්එළිය වෑබඩමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හෑරීම සදහා ශාන්තිකර්ම සිදු කරමින් යෙදී සිටි බව කියන කපුවකු හා කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු රජයේ අරක්කු බෝතල් දහයක්ද සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 07 April 2022
දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (7) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2022
විපක්ෂය ඇමැති තනතුරු නොගනී කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට දින හතරක් ගත වුවද, ඇමතිවරුන් තිදෙනකු හැරෙන්නට සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කිරීමට තවමත් නොහැකි වී ඇත. 06 April 2022
ජනපති උපදේශක සභාව පත් කරයි බහුපාර්ශ්වීක කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මුල්‍ය සහ ආර්ථිකව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති නිලධාරීන් තිදෙනකු පත්කර තිබේ. 06 April 2022
කොරෝනා එක්ස්.ඊ. වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන් ‘කොවිඩ්’ 19 නව ප්‍රභේදය වන ‘එක්ස්.ඊ. ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් අද (6) හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 April 2022
‘‘ජනතා හඬට ආණ්ඩුව කන්දිය යුතුයි‘‘ ආණ්ඩුවට ගෙදර යන්නැයි දේශපාලන පක්ෂ භේදයකින් තොරව තරුණ සමාජය අද පාරට බැස බල කරමින් සිටිනවා. රට ලේ විලක් වීමට මත්තෙන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතුයැයි එක්සත් ජාතික ෂක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද සවස මාතර දී පැවසීය. 06 April 2022
කරන්නාගොඩගේ පෙත්සම ජූනි 27 විභාගයට ළමුන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර ඇති රිට් පෙත්සමක් ලබ ජුනි මස 27 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (06) දින නියම කළේය. 06 April 2022
සියඹලාපිටිය නි.කතානායක ධූරයේ ඉදිරියටත්? රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායකධූරයේ ඉදිරියටත් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවයක් නැතැයි එම පක්ෂයේ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය. 06 April 2022
පාසල් හෙට සිට නිවාඩු රජයේ සහ අනුමත පාසල් හි අවුරුදු නිවාඩුව හොට සිටි ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 06 April 2022
ඉන්ධන නැතිව කඩවතින් මහනුවර පාර වහයි කඩවත පොලිසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල අසලින් කොළඹ - මහනුවර මාර්ගය අවහිර කරමින් වාහන රියැදුරෝ පිරිසක් මේ මොහොතේ විරෝධතාවක නිතරව සිටිති. 06 April 2022
ජනපතිකමට සුදුස්සා හරීන් කියයි කවුරුත්ම නැතිනම් ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 April 2022
ගෑස් මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි ගෑස් අළෙවි නියෝජිතයන් ගෑස් අළෙවි කරන මිල පැහැදිළිව සහ පාරිභෝගිකයාට හොඳින් දිස්වන ආකාරයට ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කරයි. 06 April 2022
රත්තරන් මිල පහළට හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි. 06 April 2022
වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. 06 April 2022
පාර්ලිමේන්තුව අසළ සිද්ධියට වෙනම පරීක්ෂණයක් ජපන් මිත්‍රව පාළම දෙසින් වු පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාව සිදුවන අතරතුර ඊයේ (5) යුද හමුදා යතුරු පැදි කණ්ඩායම් පැමිණීමත් සමග එල්ල වූ මහජන විරෝධය මැද පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 06 April 2022
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 140 ක ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් හෙවත් ඩොලර් කෝටි 140 කට වැඩි ආයෝජන ලබාගෙන ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි. 06 April 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026