බෑග් හොරා අල්ලන්න ගිහින් පිහි පහරින් මරුට ගම්පහ පහළගම මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ, කොල්ලකරුවකුගේ පිහි පාරට ලක්වූ 29 හැවිරිදි තරුණ විවාහකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 21 September 2022
වැලි අදින්න හොරට බලපත්‍ර හැදූ මුද්‍රණාලයක් වටලයි භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයේ නිකුත් කරනු ලබන බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිවයින පුරා මුදලට අලෙවි කිරීමේ යෙදුණු කුරුණෑගල දඹුල්ල පාරේ මුද්‍රණාලයක් වැටලූ බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 21 September 2022
ජී.එල් ගෙන් පොහොට්ටුවට අභියෝගයක් හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝගයක් කරන බව නිදහස ජාතික සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 21 September 2022
තනතුරු ගත් ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් පන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් එම මන්ත්‍රීවරුන් පක්ෂය තුල දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂය තීරණය කර ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය. 21 September 2022
කන්නේ ලුණුමිරිසුයි බතුයි:විලච්චියේ දරුවෝ පාසලේ දී ක්ලාන්තය වෙති අනුරාධපුර තන්තිරිමලේ පාසල්වල කුඩා දරුවන් 15 - 20 අතර ප්‍රමාණයක් දිනපතා පැවැතිවෙන උදෑසන රැස්වීමේ දී සිහිසුන්ව ඇද වැටෙන බව එම විදුහල් ආරංචි මාර්ග කියයි. 21 September 2022
උද්ධමනය තව ඉහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අගෝස්තු මාසයේ සියයට 70.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.එය ජූලි මාසයේදී සියයට 66.7 ක් ලෙස සටහන් විය. 21 September 2022
ඩයනාගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු යැයි ද සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය. 21 September 2022
සජබ සම්මේලනය නොවැම්බර් 26 සමගි ජන සන්ධානයේ පක්ෂ සම්මේලනය නොවැම්බර් මස 26 වෙනිදා පැවැත්ව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර ඇති සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුළුව මෙවර කොළඹදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 21 September 2022
ඩුබායි රැකියා ඩුබායිහි ඇගලුම් ක්ෂේත්රයේ සහ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. 21 September 2022
සනිපාරක්ෂක තුවා මිල අඩු කිරීම ගැන ජනපතිගේ අවධානයට සනීපාරක්ෂක තුවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බව තමාට දැනගන්නට ලැබුණි යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 21 September 2022
’’මට කාගෙන්වත් අහන්න ඕනේ නෑ’’ කෝප්,කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කාගෙන්වත් ඇසීමට තමාට අවශ්‍යතාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවේය. 21 September 2022
චක්‍ර ලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්රය කඩා වැටෙයි? රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු 60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින් දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි. 21 September 2022
රටේ ආදායම ගැන බන්දුලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් අද නොලැබෙන බවත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද හැකියාවක් නැති බවත් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 September 2022
අයි එම් එෆ් ගිවිසුම පෙන්වන්නැයි පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) ප්‍රශ්න කළේය. 21 September 2022
පාර්ලිමේන්තුවේ කතා කාලය නොදෙනවාට ඩලස්ලා විරෝධය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමේ අවස්ථාවක් නොදෙන බව පවසමින් ඊට විරෝධය පා එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ. 21 September 2022
දුම්රියේ අබලිවලට ජාත්‍යාන්තර ටෙන්ඩරයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල් පීලි ඇතුළු අබලි යකඩ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඩොලර්වලට අලෙවි කිරීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 September 2022
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කොළොඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ ද්වී පාර්ශ්වික නිල ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පළමු සාකච්ඡා වටය ඉකුත් 16 වැනිදා පැවැත්වූ බව මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 21 September 2022
පරිගණක උපාධිධාරීන් බිහිකිරීමට තරුණ සේවා සභාව - එස්.එල්.ටී.සී. එක්වෙයි රැකියා වෙළෙඳපොළට සරිලන පරිගණක උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය. 21 September 2022
අර්බුදයෙන් ගොඩයන්න මැලේසියාවෙන් අත දෙයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර් තා කළේය. 21 September 2022
ත්‍රිපෝෂ ගැන බොරු කිවුවාට නිලධාරීන්ට විනය පරීක්ෂණ මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 September 2022
රියදුරු බලපත්‍ර මුද්‍රණ කාර්යාලයේ වියදම් ආරක්ෂක අංශයක් යටතේ ක්‍රියාත්මක වන වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කාර්යාලයේ වියදම් අධික වීම නිසා එහි පරිපාලනය පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. 21 September 2022
ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි. 21 September 2022
තෙල් වෘත්තීය සමිති දෙවියන් යදියි රජය ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව හලාවත - මුන්නේෂ්වරම දේවාලයේදී වෘත්තීය සමිති නායකයන් පිරිසක් දේව පුජාවක් සහ පොල් ගැසීමක් සිදු කලේය. 21 September 2022
ජනතා විනිශ්චය සභාව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක් සංවිධානය කළ ’ජනතා විනිශ්චය සභාව’ නම් නිල නොලත් විනිශ්චය සභාවක් විසින් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙක්සිකෝව, ශ්‍රී ලංකාව සහ සිරියාව වරදකරුවන් බව තීරණය කළ බව ඒ.බී.සී පුවත් සේවය වාර්තා කළේය. 21 September 2022
‘කොවිඩ් 19’ තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් ‘කොවිඩ් 19’ වයිරස වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පැවැසුවේ, ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වුණැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟය. 21 September 2022
ඉන්දීය ධීවරයන්ට භූමිතෙල් විකිණීමේ ජාවාරමක් ධීවරයන් සඳහා නිකුත් කරන භූමිතෙල් ඉන්දීය ධීවරයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු පැවසීය. 21 September 2022
’’ලංකාවට හැකි සෑම අයුරින්ම උදව් කරනවා’’ ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින් තවදුරටත් උදව් කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 21 September 2022
ජනපති යළි දිවයිනට බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපළ වෙත අද (21) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 21 September 2022
එරෝෆ්ලොට් යළි ගමන් අරඹයි එරෝෆ්ලොට් ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ඒවියේෂන් සෝර්ස් වෙබ් අඩවිය වාර්තා කළේය. 21 September 2022
හරීන්ට ඩයනලා පැටලෙයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ඩයනා ගමගේ මහත්මියගේ සහ ඩයනා කුමරියගේ නම පැටලිණි. 21 September 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026