(සුජිත් හේවාජුලිගේ )
ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට දැඩි ආර්ථික ක්‍රියාදාමයන් ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
විපක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවට සහාය ලබා දීමේ හැකියාව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවට ඇතුළුවීමේ අවශ්‍ය නැතැයිද ප්‍රකාශ කළේය.
අද ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ කුණු හෝදන කුණු ලොරියක් හෙයින් ඊට සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නැතැයි ලක්ෂමන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්.
එන සියලුම ආණ්ඩුවලට කඩේ යන හොරුන්ට ඔය රාජ්‍ය ආතන වල ලොකු පොඩි රස්සාවල් දෙන්න. ඒක සමහර ඈයොන්ට ලක්ෂ 30 ට වැඩි වැටුප් මාසෙකට ගෙවනවා. අමතරව වාහන නිවාස වැනි දේවල් දෙනවා. ඒ මදිවට උන් එකේ සිට හොරකම් කරනවා. අන්තිමට ඒවගේ පාඩු පියවන්න වෙන්නේ අපේ බදු සල්ලි වලින්.
Very Great decision at last by your party, We need to enhance the efficiency and productivity in these organisation, Government cannot pump and print money for these white elephants. Thanks for your party decision and show your party ability and actions to rebuild the nation.
සමහර අය රජයේ රැකියා කරන්නෙ නිවාඩු ගන්නයි, මළ ගෙවල් මගුල් ගෙවල්වල යන්නයි, වේලාසනින් ගිහින් ළමයි පාසැලෙන් ගන්නයි, ළමයි ටියුෂන් දාන්න වගේ තමන්ගෙ වැඩ කරගන්නයි. දේ්‍ශපාලකයන් අත වැරදි තිබුණත් මේ වගේ අවස්ථාවාදී සෙට් එකක් ඔය කොයි ගමෙත් නගරයෙත් ඉන්නවා. ආකල්ප අතින් කපටිකමයි කළ දුටු කල වළ ඉහගන්න එක තියන මෙයාලා හිතන්නෙ අනිත් අයගෙත් හැටි මෙහෙමයි කියලා. මෙවැනි රටක හා සංස්කෘතියක ටෙලිකොම් එක වගේ ආයතන අර්ධ පෞද්ගලිකරණය කරන්නම වෙනවා ඔය කපටියන්ගෙනුත් රට බේරන්න නම්.
පෞද්ගලික කරනවට විරුද්ධ වෘත්තීය සමිති සහ සේවකයෝ ආතනය පාඩුවට පවත්වාගෙන යාමෙන් රටේ ජනතාවට බරක්. ලක්ෂ 200ක් ජනතාවට පෞද්ගලික කරනවාට කැමතියි. IMF කියන දේ තමයි ජනතාවට ඕනි. ආණ්ඩුවට තියෙන්නේ ඡන්දයක් තියලා ජනතාවගේ කැමැත්ත අකැමැත්ත බලන්න. එහෙම නැතුව වෘත්තීය සමිති වලට ඕනි විදියට මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. අපි රටේ ජනතාව.
හරියටම හරි. මහජනතාවගේ බදු මුදලින් යැපෙන කිසිම සේවකයෙක් තියාගන්න එපා. වෘත්තිය සමිති කාරයෝ කියනවා මහජන දේපොළ කියලා. ඉතින් මහජනවා බදු ගෙවනවා එයාලා සැප විඳිනවා.
රාජපක්ශාලයි ඔය ගොල්ලොයි හූරාකන්නම ඉපදුනු නිලධාරි කියන හැත්තයි කැරලි කාරයොයි කොටියි ඔය කවුරු කවුරුත් කරපු දේවල් වල පව් ගෙවන්න වෙලා තියෙන්නේ දෙසපලකයින්ට නෙමෙයි අපිට, කොහොමත් කවුරු රට පාලනය කලත් රාජ්‍ය ආයතන නඩත්තු කරන්න ණය දෙන්නේ නැහැ. මොන පාලනයක් ආවත් ණය ඕන නම් රජය ව්‍යාපාර වලින් ඉවත් වෙන්න වෙනවා.
දේශපාලකයන් සහ නිලධාරීන් ගසා කන තෙල්, විදුලිය , එයාර් ලංකා වගේ දූෂිත තැන් දීල දැම්මොත් හොඳයි .
ඉතාමත් හොද වැඩක්.
Loss making institutions must be privatized then they can take capital from other countries through showing their Balance sheet.
අපි මොනවා කිවුවත් දේශපාලකයො කරන්නේ කොමිස් ගන්න පුළුවන් දේ විතරයි. ජනතා පරමාදිපත්‍ය අපේ රටෙ දැන් නෑ. රට ව්නාස කරනවා මාරුවෙන් මාරුවට. ශ්‍රිලංකාවත් ජනතාවත් පව්.226 කොල කූට්ටම අනඅනා ගසා කනවා.පාඩු ලබන ආයතන පුද්ගලීකරණයට දීම වරදක් නෑ .නමුත් පුද්ගලීකරණය අරමුණු කරගෙන ලාභ ඉපයිය හැකි ආයතන හිතාමතා දුර්වල කිරිම ශාපයක්.
ඉන්දියන් ඔයිල් සමාගම ලාභ ලබනකොට සංස්ථාව පාඩු ලබන්නේ අනවශ්‍ය ප්‍රමාණයට සේවකයෝ සිටීම, හොකරම් කිරීම වැනි දේ නිසා. ඕක පෞද්ගලික අංශයට දුන්නොත් ලාභ ලැබෙයි. එහෙම වුණොත් බද්දක් හරි ආණ්ඩුවට ලැබෙයි. ඕක ආණ්ඩුව කළොත් අනිවාර්යයෙන්ම පාඩු ලැබෙනව. පාඩු පියවන්න වෙන්නේ අපේ බදු සල්ලි වලින්.
ඒකෙ පාඩුවත් දේශපාලඥයන්ටම තමයි. මීට පස්සේ රස්සාවල් දෙනව කිය කියා ඡන්ද හිඟා කන්න බැරි වෙනවා.
That is good for the country in the long term..
අවුරුදු 05කට බලයට ඇවිත් අවුරුදු 100කට අපේ රට විකුණාගෙන කන එක හරිද? මේ ගැන කතා කරන අයට කියන්නේ " අරගලකාරයෝ" කියලද?
මිස්ටර් කිරිඇල්ල, ඔබතුමා සහ පක්ෂය වෘත්තීය සමිති හොරුන්ට කඩේ යන්න එපා ආණ්ඩුව පෙරලලා ඔබේ රජයක් පිහිටුවා ගන්න. එහෙම වුණොත් ලක්ෂ 200ක ජනතාව විරුද්ධ දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තියන එක නවත්තන්න බැහැ. වෘත්තීය සමිති වල ඉන්න සොච්චමක් වගේ මිනිස්සුන්ගෙ මතය නොවෙයි රටේ ජනතාවගේ මතය. රටේ ජනතාවගේ මතයට තීරණ ගන්න.
වහාම විකුණන්න.විකුණන්න පරක්කු වුණ එකයි වැරැද්ද.මේව විකුණන්න කියන්න අරගලයක් පටන් ගන්න ඕන.
නියමයි. කාලකන්නි ටික ඉවරයි. බැරිදි ජනාධිකමයි, අගමැතිකමයි පෞද්ගලිකකරණය කරන්න? ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නෑ.
ඕක අයි එම්එෆ් කියනකල් ඉන්නේ ඇයි.
මුළු රටම එක පාර ජපානයට වගේ විකුණනන් බැරිද?
සිංගප්පූරුවේ ඔක්කොම දේවල් කරන්නේ පුද්ගලික අංශය. එහෙ මිනිස්සු පෙට්‍රෝල්, ගෑස් පෝලීම්වල ඉන්නවද? බඩගින්නේ ඉන්නවද? 80 දශකයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ ලංකාවේ ටෙලිකොම් ආයතනය පවතිනම කාලේ 2%කටවත් දුරකථන නැහැ. පුද්ගලික සමාගම් කරලියට ආවටය පසු අපි හැමොට්ම ටෙලිෆෝන් තිබෙනවා. වෘත්තිය සමිති, විමල්, වාසු ගම්මන්පිල කරන්නේ අපි හැමෝම මුලාවේ දමන එක. ඕවා විකුණලා දමන්න.
රටේ ජනතාව ගතානුගතික විදිහට හිතුවා හොඳටෝම ඇති. වෘත්තීය සමිතිකාරයන්, දේශපාලුවන් හා හෙංචයියන්හට රැවටුනා හොඳටෝම ඇති. IOC ඉන්ධනවලින් රටකින් රටකට ඇවිල්ලත් ලාභ ලබනවා. ඒත්, තෙල් සංස්ථාවේ ඇති හොර මැරකම්, වංචා දූෂණ නිසා පාඩු ලබනවා. එක එක රට නොමග යවන කතා කියා රටේ ජනතාවට ඒ ණය බරත් ගෙවන්නට වෙනවා. විදුලි බලමණ්ඩලයත් එහෙමයි. මේවා තියාගෙන හොරුන් පෝෂණය කොට ජනතා මුදල් නාස්ති වෙන්න ඉඩ නොදී විකුණා දැමීමට පියවරගත යුතුයි. එසේම, නැව් නොඑන වරාය, ප්ලේන් නොඑන ගුවන් තොටුපළ, නෙළුම් කුළුණ, පාඩු ලබන දුම්රිය සේවය ඇතුළු දේවල් තියාගෙන රට තවත් වලපල්ලට යනවාට වඩා විකුණා දමා පුළුවන් කෙනෙකුට කරන්න දිය යුතුයි. වෘත්තිය සමිති නිතරම හිතන්නේ, තම අයිතිවාසිකම් ගැන පමණයි. යුතුකම් ගැන කතා නැහැ. මොවුන් මට්ටු කළ යුතුයි. රට වෘත්තිය සමිති මාෆියාවෙන් බේරාගත යුතුයි.
This is something that must do immediately
ආයතන පුද්ගලීකරණය කරන එක නවත්තන්න බැහැ. හැබැයි ඔය දාල තියෙන අදහස් මතක තියාගන්න. ටෙලිකොම් එක දුන්නෙ ජපානයට. ඒක හින්ද හරිගියා. බලශක්තිය දෙන්නෙ ඉන්දියාවට. බලමු එතකොට අදහස් දාන අය කියන්නෙ මොනවද කියලා. ඔය කට්ටියම යහපාලනය හොද නෑ කියල පොහොට්ටුව ගෙනාව. දැන් කොහොමද. තෙල් එක්ක විදුලිය එක්ක වැඩකරන අයගේ අවදානම, ලංගම වාහන එලවන අයගේ ආතතිය වැටුපෙන් මනින අයට ඒවා පුද්ගලික වුනාම මොකද වෙන්නේ කියලා බලන්න.
ගතානුගතික කුණු හෝදන කුණු ලොරියක්
රාජ්‍ය ආයතනවල වැඩිපුරම ඉන්නේ පුටු රත්කරන අය. අයිස් ගහනවා මිසක් හරියට වැඩක් කෙරෙනවාද. නිකම් ඉඳන් පඩිගන්නවා. රටකට හරියයිද. ඕවා විකුණන එකමයි හොඳ. දැනටමත් පරක්කු වැඩියි.
මේ ආණ්ඩුව රාජපක්ෂලාගේ කුණු හොදනවා නොවෙයි. රට ගෙනියන්න නම් කරන්න තිබෙන්නේ ඕ පමණයි. අකමැත්තෙන් හරි කරන්න වෙනවා. අමරවීර ඇමති කියන්න කාබනික පොහොර කෙරුවාව දිගටම කරනවා කියලා.
ඔය ආයතන ඔක්කොම ප්‍රයිවෙට් කරන්න ඕන. ප්‍රයිවෙට් ආයතන වටින්නේ නෑ. රාජ්‍ය ආයතන වටිනවා. මොකද හේතුව හරි පාලනයක් නැතිකම
ඔය දේ මීට අවුරුදු 3ක් හෝ 4කට කලියෙන් කලා නම්, අද රට ගොඩ. රජයේ නිලධාරීන්ට දෙන වාහන පර්මිට් එක සම්පූර්ණයෙන්ම අහෝසි කල යුතුයි.
උඹලා ඉතින් රට විකුණන් කන්නම ආපු උන් පාට වෙනස් මුහුණු වෙනස් එච්චරයි.. හැබැයි අපිට ඕන රට උඹලා කවදාවත් දෙන්නේ නැහැ.. අපි ඒක ලබාගන්නවා.
සිපෙට්කෝ ලංවිම ශ්‍රී ලන්කන් එයාර් ලයින් ලංගම. දුම්රිය ජලසම්පාදන ඔක්කොම විකුණන එක හොඳයි.
රජයේ කිසිම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය පරිදි වැඩ නොකරන නිසා මේ මොහොතේ කළ යුතු හොඳම දේ මෙයයි. නිකන් පඩිය ගන්න අය ඉන්නෙ
ඔය ආයතනවල එකෙක් වඩකරන්නෙ නෑ , අයිස් ගහන එක කරන්නෙ. උන්ට මාසෙ අන්තිමට පඩිය ලැබෙනව, ඒ මදිවට ඔ ටී ත් ගහනව ඇති වැඩක් නෑ. චන්දෙ කාලෙට නැති රස්සා දෙනව, එකෙක් කරන වැඩේට 10 ඉන්නව. වරාය, විදුලි බල මංඩලය, c t b , තෙල් සංස්්‍තාව. ඔය හැම තැනම දේශ පාලුවො අවුරුදු 74 විනාශ කල තැන් . ඔය 225 ඇතුලේ ඉන්න ප්‍රදාන පක්ෂ තමයි ඔය විනාශය කලේ දැන් වත් ඔව නවත්තපල්ලා , නැත්තන් කොහෙන් වත් සල්ලි නෑ.
මේක නම් ජාතික අපරාධයක්.
මේ ආයතන ඔක්කොම ධම්මික පෙරේරාට දෙන්න. ලාභ පෙන්වලා දෙයි.
රාජ්‍ය ආයතන දේශපාලුවන්ගේ ක්ෂේම භුමි වැනිය. නිසි රාජ්‍ය ප්‍රතිපත්තියකින් තොරව මේ ආයතන පවත්වා ගැනීමෙන් ඒ සඳහා නඩත්තු ගෙවන්නේ මහජන මුදලිනි. දේශපාලකයින්ගේ පා ලෙවකන සුරතලුන්ට ඉහළ වැටුප් ගෙවා පත්කොට සුරසැපදී ගැත්තන්ට රස්සා සපයන කාර්යය නොකොට යම් සැලසුමකට අනුව අතීතයේ මේ ආයතන ලාබ ලබමින් පවත්වාගෙන ගියමුත් දශක ගණනාවක් එම වැඩ පිළිවෙල අවුල්විය. මේවා සුදු අලිබවට පත්කළ වුන්ට කිසිඳු දඬුවමක්ද නැත. මේවාට අරක්ගත් ඊනියා පිංපඩි ලබන සමිති කාරයින්ද තව පිළිලයන්ය. එබැවින් පෞද්ගලීකරණය එකම විකල්පයයි...
එහෙම වුණාම කොහොමද RDA එකට තමන්ගේ හෙන්ච්ච්යියන් දාලා මාසෙට 50000 ගානේ පඩි දෙන්නේ නේද? දුවත් එක්ක එකතු වෙලා RDA එකේ ගත්තු කොමිස් ගැන ගොඩක් අය කතාවෙනවා.
ඔය සියල්ල පසෙක තබා ඡන්දයක් තියන්න... ජනතාවට තීරණයක් ගන්න වහාම ඉඩ සලසන්න රට විනාශ කර හොරු නඩයක් ගැන ජනතාවගේ කිසිම විශ්වාසයක් නැහැ...
Those departments should be fully privatized as full institutes and not just streamline. There is always talk about Streamline the gov. departments when every government comes but that has not worked ever. Fully blanket privatization is the only plausible way as having sub-department take over wont be allowed by Trade-union mafia and political gamblers. Time to get this started ASAP.
මුලු රටම වික්කත් හොඳයි
රට විකුණන් කන්නේ නැතුව තොපි මකබැවිලා පලයවූ අපිට අපේ රට ඕනෙ අපේ දරුවන්ට රට ඉතුරු කරපියවූ
ශ්රී ලන්කන් ගුවන් සේවය වැනි රටට විශාල වශයෙන් බරක්ව පවතින රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අනිවාර්යයෙන්ම විය යුතුය.