IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෘහ සේවයට නව නීති:අර්ථ සාධකයත් එයි

විනීතා එම් ගමගේ

යම් පුද්ගලයෙකු ‍සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමිමට අදාල නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අවම වැටුප් පනතට  ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුලත් කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.

එම ගෘහ සේවක සේවිකාවන් ආවරණය වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත් සංශෝධනය කිරීමට ද තීරණය කර ඇත.

එමෙන්ම යම් නිවසක ගෘහ සේවකයෙක් සේවයේ යොදවන්නේ නම් ඒ පිලිබද තොරතුරු සේවායෝජකයා  දිස්ත්‍රික් කම්කරු නිලධාරියා හමුවේ ලියාදිංචි කළ යුතු බවට ද නීතියක් පනවන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ කම්කරු අමාත්‍යාංශයේ අද පැවැති ගෘහස්ථ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමක දීය.

කම්කරු දෙපාර්තමේන්තුව,නීතිපති දෙපාර්තමේන්තුව,අධිකරණ අමාත්‍යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය,ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

 



අදහස් (6)

ගෘහ සේවයට නව නීති:අර්ථ සාධකයත් එයි

de silva Wednesday, 28 July 2021 08:02 AM

ඔය එක එක නීති දමලා අපෙන් මොඩල් ගන්නවා. නමුත් හදිස්සියකදී ප්‍රතිලාභ දෙන්නේ නැහැ. හොඳම උදාහරණය 17500 රක්ෂණ මුදලක් ගෙවලා විදේශගත වුණු විදේශ ශ්‍රමිකයින්ට වුණු ඇබැද්දිය...

:       0       0

GAMUNU Wednesday, 28 July 2021 08:04 AM

ලංකාවේ ජනතාවට අදාල තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට, නව නීති සැකසීම සහ බලාත්මක කිරීම් සිදුකරනු ලබන්නේ... රට තුළ විනාශය සිදුවූ අවස්ථාවලදී පමණි. මෙය රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුවේ... දැනුවත්ව හෝ නොදැනුවත්ව සාම රජයක්ම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට, නව නීති සැකසීම අතපසු කිරීමේ ප්‍රතිඵල මේ වනවිට පෙනෙන්නට තිබේ. කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය රට තුළ සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳව සත්‍ය වශයෙන්ම ලැජ්ජා විය යුතුවේ... ප්‍රධානතම කරණය නම් තීන්දු තීරණ පොතට පමණක් සීමා නොකොට එම තීන්දු තීරණ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලිය යුතුවේ. එසේ ක්‍රියාත්මක නොවන්නේ රටේ සමස්ත රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම නිසා පමණක් නොව මනුෂ්‍යත්වයට රට තුළ තිබෙන වටිනාකම හොඳින් පැහැදිලි වේ. කළයුතු බොහෝ දේ නිසි අවස්ථාවන්හිදී නොකර සිටීම නිසා සිදුවූ විනාශයන්ට මෙතෙක් ලංකාවේ සිටි සියලු කම්කරු ඇමැතිවරුන් ලැජ්ජා විය යුතුව ඇත. ගෘහ සේවයේ දී සිටියදී මරණයට පත්කළ එම දැරිවියගේ මරණය නිසා රට තුළ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබඳව කතිකාවක් මතුව ඇත...

:       0       0

NIMAL Wednesday, 28 July 2021 08:34 AM

අනෙක් රැකියා සඳහා මෙන්ම ගෘහ සේවය සඳහා රජය මගින් නිසි පුහුණුවක් ලබාදීම... විශේෂයෙන් දරුවන් බලාගැනීම සඳහා වැදගත් වේ. එවිට දේශීයව හෝ විදේශගතව රැකියාවක් කිරීමට මෙමගින් අවස්ථව සැලසේ...

:       0       0

nectar Wednesday, 28 July 2021 10:00 AM

මා දන්නා ආයතන තියෙනවා. ඒවා කවදත් ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. ගෙවන්නේ නැති ඒවා ගැන සොයාබලන්න.

:       0       0

Ruhunu Wednesday, 28 July 2021 10:58 AM

යන යන තැන නිදි .දෙයක් උනහම තමයි ඇහැ ඇරෙන්නෙ.නීති කොච්චර ගෙනාවත් වැඩක් තියෙද ඒව ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම්.අපිටත් දවල් හීන පෙන්නන්නෙ නැතුව. ගන්න වැටුපට සේවයක් කරන්න මහත්තයො.බලාගෙන ගියාම 18ට අඩු දරුවෙකුගෙන් වෙන සේවයක්වත් ඔබ තුමාලගෙන් රටට වෙන්නෙ නෑ

:       0       0

Sri Lanka Wednesday, 28 July 2021 12:26 PM

හොඳ යෝජනාවක්.ජය වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site