
(නිමල් ජයරත්න)
පොලොන්නරුව මාදුරුඔය ඉසෙඩ්.ඩි. ප්‍රධාන ඇළට වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් වැටුණු වල් අලියකු ඇළේ සොරොව්වක සිරවී සිටියදි පැය 8ක මෙහෙයුමකින් මුදා ගැනීමට වැලිකන්ද වනජීවීන් හා ප්‍රදේශවාසීහු කටයුතු කළහ.
එම වල් අලියා වැලිකන්ද මල්විල ප්‍රදේශයෙන් වැටි ජලයේ සැඩපහරට කිලෝමීටර් 17 ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර, එහි සොරොව්වක පැයක පමණ කාලයක් සිරවී සිටි අලියා වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් ඉවත් කිරීමට උත්සාහ ගත්තද එම වන අලියා සොරොව්වෙන් ප්‍රපාතට වැටී ගසාගෙන ගිය බව වැලිකන්ද අඩවි සහකාර කේ.ඩී ජානක මහතා අප සමග කීවේය.
ටයර්, කඹ, යොදාගෙන වල් අලියා ස්ථාන දෙකකදී ගොඩගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ දැරුවද එය අසාර්ථක විය.
ඉබි යතුරු යොදා යකඩ සොරොව්ව වසා තිබුණු අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සොරොව්ව විවෘත කිරීමට පැමිණියද එම සොරොව්ව අක්‍රීය වීම නිසා වන අලියා සොරොව්වේ පැයක පමණ කාලයක් සිරවී සිටි බවත්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත, දැඩි උත්සාහයකින්, පසුව වැසි නොතකා අලියා සොරොව්වෙන් ඉවතට ගෙන එම අලියාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබුණු බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් අන්තිමට තනි අලියා බේරුන එක තමා වුනේ...
බේරුණු තනි අලියට වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ වගේ...