(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවෙස්වල සහ යම් යම් ස්ථානවල සගවා ඇති කඩු, කිනිසි, උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් බාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම කාලය ඊයේ (05) රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
ඕනෑම ගෙදරක උල් පිහියක්, කැත්තක්, දාකැත්තක්, මන්නයක්, දිග මන්නයක් සහ විවිධ වර්ගයේ පිහි තියෙනවා ගෙවල්වල ගෘහස්ත වැඩවලට යොදාගැනීමට... මේ දේවල් බාරදුන්නම ගෙවල්වල වැඩ කරන්න වෙන්නේ පොල්පිති වලින්ද?
දැන් කඩු කිනිසි සොයන්නේ ඒවා තොග පිටින් හසුවූ නිසා යයි සිතීමට පුළුවන්. වැරදිලා හෝ ත්‍රස්තයන් පාන් කපන පිහි, කැති මන්න හෝ නියන් ආදිය පාවිච්චි කලේ නම් ඒවාත් අත්අඩංගුවට ගැනීම සිදුවෙනවා නේද ? ඝාතකයාට විනාශයක් කරනවා නම්, ඕනෑම දෙයක් යොදා ගැනීමට හැකියාවක්ද පවතින බව අපගේ වගකිවයුතු අංශ දැනුවත් වීම ඉතා වැදගත්.
බොහෝදෙනා ගෙවල්වල කඩුවක් වැනි ආයුධ බොහොවිට තබාගන්නේ නිවසින් එළියට ගොස් පහර දීමට නොව, තමන්ගේම ආත්මආරක්ෂාවටයි. එසේ නොමැති නම් හොරෙක්, මංකොල්ලකරුවෙක් නිවසකට පැන්න අවස්ථාවකදී පොලිසිය එනතෙක් බලා සිටියොත්, සියල්ල සිදුවී හමාරවීමට ඉඩ ඇත...