(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(26) උපදෙස් දුන්නේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කාය කායවර්ධන උපදේශකවරයෙක් බඳවාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලුම් පත් කැඳවීම් කර තිබිණ.
ජනතාව මෙතරම් පීඩා විඳින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් පත්කර ගැනීම කිසි ලෙසකින් වත් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල ඇතුළත් වේ.

COMMENTS
අපේ සල්ලිවලින් මේ අය කායවර්ධනයත් කරන්නද? මෙයාලාට තියන සැප...
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතරකර ගෝලීය වශයෙන් සිදුවන දේශපාලන සහ ආර්ථික වෙනස් වීම ලංකාවට බලපානු ලබන්නේ කෙසේද සහ විසඳුම් පිළිබඳව සොයාබැලීමට දත්ත විශ්ලේෂණ කණ්ඩායමක් පත්කර ගැනීම මේ අවස්ථාවේ සුදුසු වේ.
ඇඟේ හයිය ගන්න වෙන්නැති... මෙහෙමත් ආයතනයක්..? තව මොනවා වගේ් නාස්තිකාර වැඩ මෙතැනදී වෙනවද දන්නේ නැහැ...
අගමැතිතුමා, ICTA එක වහලා දාන්න. මිලියන 35ක් විතර මාසෙකට ඉතිරි කරගන්න පුළුවන්...!
ඔව්, කරුණාකර මහජන ධනය අනවශ්‍ය දේවල්වලට වියදම් කරන එක නවත්තන්න.
මේකේ වැඩකරන සෙට් එක දැක්කාම කායවර්ධන නෙමෙයි, කොළ කැඳ කෝප්පයක් උදේට උදේට නොමිලේවත් දෙන්න...
මේ කාලේ මොන කායවර්ධනද? අපේ නම් දැන් ඇටකටුත් පැදිලා..
මොලේ වර්ධන ශිල්පියකු තමයි අවශ්‍ය..!
පහුගිය කාලේ මීට වඩා සේවයක් ලේ බැංකුවෙන් වෙලා තියෙනවා.
කායවර්ධන කර ගන්නත් උපදේශකයෝ? ඒ මොන මගුලකටද? අනික් වැඩවලටත් උපදේශකයෝ හොයනවද? ටිකක් කාලා ගොඩක් පයින් යන්නකෝ...