IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෝදර ධීවර වරායේ බද්ද දං දේ

(සුජිත් හේවාජුලිගේ )

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් මෝදර ධීවර වරාය බද්දට ගත් සමාගමෙන් බදු කුලිය නිසියාකාරව අය නොකිරීම නිසා එම සංස්ථාවට 2019 වර්ෂයේදී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් අහිමිව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අහිමිවූ මෙම බදු මුදල අය කර ගැනීමට කිසිදු නීතිමය පියවරක්ද ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

සංස්ථාවේ මුලු ලාභයෙන් සියයට 75 ක් ඉපයූ මෝදර ධීවර වරාය 2014 ඔක්තෝබර් මස 30 වෙනිදා සිට වසර විසිපහක කාලයක් සඳහා පෞද්ගලික තක්සේරුකරුවකුගේ තක්සේරු වටිනාකම පදනම් කරගෙන රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක මාසික කුලියකට පෞද්ගලික ආයතනයකට බදු දී ඇති බව පවසන විගණන වාර්තාව සංස්ථාව සහ කල් බදු ගැනුම්කරු අතර ඇති කරගත් අතිරේක ගිවිසුමෙහි කොන්දේසි අනුව රජයේ තක්සේරුකරුගේ මාසික බදු කුලිය වශයෙන් රුපියල් දාහත් ලක්ෂයක් අය කරන බවට එකඟ වී තිබුණද මෙම තක්සේරු වටිනාකමට වරාය බේසම ඇතුළත් කර නොතිබූ බවද සඳහන් කරයි.

මේ අතර රුපියල් පනස් ලක්ෂයකට වැඩි වටිනා ඉන්ධන ටැංකි හයක් සැපයීම සඳහා 2007 වර්ෂයේ දී රුපියල් විසි අට ලක්ෂයක අත්තිකාරමක් ගෙවා තිබුණද එම ඉන්ධන ටැංකි සංස්ථාවට නොලැබීම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු සැපයුම් කළමණාකරුට එරෙහිව කටයුතු නොකර ඔහු නැවතත් තනතුරේ පිහිටුවා විශ්‍රාම ගන්වා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (0)

මෝදර ධීවර වරායේ බද්ද දං දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site