ජයන්ත සමරකෝන්

 

රජයේ දීප ව්‍යාප්ත හා සමාන්තර සේවා විධායක නිලධාරීන් අප්‍රේල් 16 වැනි දා සිට රජයේ සියලුම සංවර්ධන කටයුතුවලින් මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි පවසයි.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 5 කට විසඳුම් ලබානොදීමට එරෙහිව විධායක සේවා නිලධාරීන් මෙලෙස තීරණය ඇත.

මේ සඳහා රජයේ විධායක සේවා නිලධාරීන් 35,000 ක් පමණ එක්වීමට නියමිතය.

එසේ වුවද අත්‍යාවශ්‍ය මහජන සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බවද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසීය.