ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනෙකුත් ප්‍රමුඛතාවන්ට වියදම් දැරීමට අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.
COMMENTS
එල එල, ඡන්දෙට තියෙන තුට්ටු දෙකත් වියදම් කරලා හාඩප් වුණාම අපිට බනින්න. හිරේ දාන්න කෙනෙක් ඉන්නවා.
සල්ලි එහෙම තියනවද...?
ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්...
ජනාධිපතිකමත් කාටහරි පැවරුවානම් ඉවරයි. එතකොට ඉදලා හිටලා තැනකට බොරුවට ගිහින් විද්‍යාත්මක ක්‍රමවේදයකට විසදන්න කියලා ඉන්න තිබ්බා. ආවෙනම් රට බේරගන්න. දැන් කැලෑ කපනවා, පුරාවස්තු විනාශ කරනවා, මහ විරු සැමරුම් තියෙනවා, මහ බැංකු හොරු එළියේ, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෝ නැහැ, රජයේ සේවකයින්ට පඩි ගෙවන්න සල්ලි නැහැ, ලොකු හොරුන්ගේ නඩු සාක්කි අවුල් කරලා යට ගහනවා.
මහින්ද මහත්තයා වගේ මෙවර පොහොට්ටුවේ මැතිවරණ වියදමුත් භාණ්ඩාගාරය ලේකම්ට පවරයිද..?
ජනාධිපතිතුමනි. ඉතාම කදිම අදහසක්. විශේෂයෙන්ම පව්ලේ උදවියට මුදල් අතපත ගාන්න දෙන්න එපා.