(අජන්ත කුමාර අගලකඩ)
අයවැය කාරක සභා ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ වෙනුවට එම අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්කු දෙකක් හෙට (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අද (02) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තු දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 21,000ක මුදලක් ද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 500ක් මුදලක් ද වෙන් කිරීමට මෙම පරිපූරක ඇස්තමේන්තු දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මෙම අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ දෙක ඉකුත් 28 වැනිදා පැවැති පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය ඡන්ද විමසීමේදී විපක්ෂය විසින් පරාජය කරනු ලැබීය.
COMMENTS
පළාත් පාලන සේවකයින්ගේ වැටුප් ගෙවන්න විතරක් පරිපුරක ඇස්තමේන්තුවක් දාන්න. සංවර්ධන යෝජනා කියලා බොරුවට මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කරන්න සල්ලි වෙන් කරන්නේ නැතුව.