IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පළාත් සභා පාසල් 4 ක් ජාතික පාසල් කරයි

රංජන් කස්තුරි

තවත් පළාත් සභා පාසල් 4 ක් ජාතික පාසල් බවට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ගාල්ල බොනවිස්ටා, මහනුවර ශාන්ත සිල්වෙස්තර, මඩකලපුව, වාලච්චේන හින්දු සහ අම්පාර, ඉරක්කාමම් අල් / අෂ්රොෆ් යන විද්‍යාල හතර ජාතික පාසල් බවට පත්කර තිබේ.

1814 වසරේදී ආරම්භ කරන ලද ගාල්ල බොනවිස්ටා විද්‍යාලය වසර 200 වඩා පැරණි වන අතර 2017 වසරේදී එහි ශිෂ්‍ය සංඛ්‍යාව 17 කට සීමාවී තිබිණු අතර විදුහලේ ඓතිහාසික අගය සළකා සියලු පාර්ශවවල සහාය ඇතිව එම පාසල ජාතික පාසලක් ලෙස නම්කළ බවද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ඒ.ටී.ආරියරත්න, ආචාර්ය එඩ්වින් ආරියදාස වැනි විද්වතුන් ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

මාලදිවයින් ජනාධිපති මව්මුන් අබ්දුල් ගයුම් මහතා ද බොනවිස්ටා විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ඔහු 1948 සහ 1949 වසරවල එම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.

මෙම පාසල් 4 ත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංඛ්‍යාව 374 දක්වා ඉහළ ගොස් තිබේ.



අදහස් (0)

පළාත් සභා පාසල් 4 ක් ජාතික පාසල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site