(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද හා දේශීය ප්‍රතිකාරවලට දිගින් දිගටම අකුල් හෙළමින් සිටින හෙයින් එම සංගමයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව කියයි.
කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇති වන අතුරු ආබාධ සඳහා අයුර්වේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා පැවැත් වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බාධා පැමිණ වූ බවත් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැඳවුම්කරු සුමුදු ලියනාරච්චි මහත්මිය පැවැසුවාය.
දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකමයේ සභාපතිවරයා මාධ්‍යයට අදහස් දැකු වුවද දේශීය හා අයුර්වේද ප්‍රතිකාර සඳහා බාධා පමුණුවන බව ද ඔහුගේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙළිදරුව් වන බව ද ලියනාරච්චි මහත්මිය කීවාය.
COMMENTS
නිහඬව සිටියොත් කළුසුද්දන් හෙළ වෙදකම වලපල්ලටම දානවා..
දොස්තරලා කැමති නෑ... අනිත් ක්‍රමවලින් ලෙඩ හොඳ වෙනවාට... ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන ලෙඩත් බටහිර ඒවා කියලා. ලෙඩ වලට බටහිර දේශීය ආයුර්වේදය බේදයක් නෑ වගේම බෙහෙත් වුණත් ඕනේම විදිහකින් කරන්න අයිතියක් තියෙනවා. කුහක නොවී පැත්තකට වෙලා ඉඩදෙන්න... ධම්මික පැණිය කියන්නේ ආයුර්වේදය නොවන බව මතක තියාගන්න.
අනිවාර්යයෙන්ම කළයුතුයි...
බටහිර වෛද්‍ය විද්‍යාවත් බහුජාතික සමාගමක් වගේ.. වෙන කිසිම ව්‍යාපාරයකට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ...
LTTE එක හැරුණාම ලංකාවේ තියෙන ලොකුම ත්‍රස්තවාදී කල්ලිය GMOA...
බටහිර බෙහෙත් නිර්දේශ කළවිට දොස්තරලාට කොමිස් ලැබෙනවා. වැඩියෙන් නිර්දේශ කළ අයට විදේශ සංචාර එහෙමත් ලැබෙනවා. බටහිර බෙහෙත් ආනයනය කරන මාෆියාවක් තියෙනවා. ඒවා අනුමත කරන ලොක්කන්ට යහමින් කුට්ටිය ලැබෙනවා. මේවා ජනාධිපතිතුමා, අගමැතිතුමා තේරුම් ගතයුතුයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා හෙළ වෙදකමට සලකපු ආකාරය මතක ඇති...
ඔලුවක් තිබිච්ච මනුස්සයෙක් ඉඳලා තියෙනවා. අනික් අය එන්නේ බොරුවට... හෙළ වෙදකම ගැන කතා කරන්න..
බටහිර වෛද්‍යවරු කිව්වට ඒ ගොල්ලොත් දේශීය වෛද්‍යවරු. මොකෝ ඒ ගොල්ල පිටරටින් ඇවිල්ලා නෙවෙයිනේ.
ආයුර්වේද කියලා ගුලි කලක අරිෂ්ඨ ගිල්ලවනවා බටහිර පෙති කරල් සිරප් ගිල්ලවනවා දෙගොල්ලම කවුරුහරි හදල දෙන දේවල් වට්ටෝරු ලියා දෙනවා.
වසූරිය ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකම, කක්කල් කැස්ස, ගලපටලය, ලාදුරු, පිටගැස්ම ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකම.. මහාමාරිය ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකම.. ලාදුරු ලංකාවෙන් තරන් කරන්න ඔන්න මෙන්න ගානට ගෙනාවේ, රුබෙල්ලා වලින් සිදුවන සන්ජානනීය ආබාධ ලංකාවෙන් තුරන් කළේ හෙළ වෙදකමයි. එහෙව් එකේ ඔය කාලකණ්ණි බටහිර වෙද්දුන්ට නඩු දාන්නම තමයි ඕනෑ. ඒ විතරක් නෙවෙයි, ඔවුන් ළඟට පොරකකා, පෝලිම්වල රස්තියාදු වෙවී බෙහෙත් ගන්න යන මෝඩ ලෙඩ්ඩුන්ටත් විරුද්ධව නඩුදාන්න මැඩම්..!
බටහිර ක්‍රමය උගත් අයගෙ තියෙන්නේ පුදුමාකාර මාන්නක්කාර, පටු ,පරගැති ආකල්ප. තමන් කටපාඩම් කරගත්ත දේ පමණයි හරි , තමන් විතරයි ඉන්න ඕන කියන සංකල්ප යේ ඉන්නේ. ඒක උගත් කමක් තමයි නමුත් අනෙකුත් ක්‍රමවලට ඉඩ දෙන්න ඕන. වැරදි නම් සාධක ඇතිව ඔප්පු කරලා ඉවත දාන්න පුලුවන් . එයාලට මොකක් හරි නීතිමය ක්‍රියාවක් ගන්න ඕන. හැබැයි අපේ රටේ ඕවා වෙයිද දන්නෙ නෑ.
පිස්සු විකාර....
බළලයි, මීයයි එක වහලෙ යට ජීවත් වුණාට දෙන්නට දෙන්නා මුණගැහෙනකොට කචල්. බටහිර වෛද්‍ය සංගමයත්, ආයුර්වේද වෛද්‍ය සංගමයත් හරියට ඒ වගේ... බැරිද සටන් විරාම ගිවිසුමකට යන්න..? ලොකුම සතුරා COVID-19 තුරන් කරනකල්..?
මේ බටහිර විද්‍යා මාෆියාව පටන්ගන්නේ මෙඩිකල් ෆැකල්ටියෙන්... මේ අය නිකන් ඉගෙන ගන්නවා මදිවට පෞද්ගලික විද්‍යාල ඔක්කෝටම කොක්ක දානවා.. මොකද මේ අයගේ බිස්නස් එකට බලපාන නිසා...
ඉංග්‍රීසී වැක්සීන් එක ගැන දන්නේ නැතිව අතුරු ආබාධ සුව කරන්න කියලා දන්නේවත් නැති බෙහෙත් දෙන්න යන්න එපා. ඔයාලා කොරොනා වලට පැණි, කරල් හැදුවා නේද? කොරොනා මට්ටු වුණාද? වැක්සීන් එකෙන් දැන් යම් ප්‍රමාණයකට මට්ටු වෙලා තියෙනවා. ඒක දරා ගන්න බැරිව වැක්සීන් එක ගැන දන්නේ නැතිව ඒකට උඩින් බෙහෙත් දෙන්න යන්න එපා. ඔයාලා කොරොනාවලදී ෆේල්. දැන් ඒක ගොඩ දාගන්න බොරු පොලිටිකල් ශෝ දාන්න යන්න එපා.
අපි කන්නේ සුද්දගෙ ආහාරත් නෙවෙයි අපේ දේශගුණයත් වෙනස්.... අපෙ රටෙ මිනිස්සු කන්නේ වැඩිපුර බෙහෙත් ඖෂධ ... සුද්ද වගෙ තම්බල පුච්චල කන්නැ ඉතින් අපි මොකටද මෙ දන්නැති බෙහෙත් විදාගන්නේ. මෙක සුද්දගෙ රටේ හැදුන ලෙඩක් ඉතින් එයාල එ බෙහෙත් විදගත්තා වේ. අපිට අපෙ බෙහෙත් හොදා.
දේශීය වෙදකම නගාසිටුවීමට අවශ්‍ය කරන බර පැන සඳහා අරමුදලක් පිහිටුවා දන්වන්න. උදව් කරන්න අය ගොඩක් ඉන්නවා.