අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන , ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අද (27) සවස බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන , ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස අද (27) සවස බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
අලි බබා සහ හොරු 40ද..?
දැන් සතුටුද ? කලකට පෙර "දැක්කද බයියාගේ වැඩ" කියලා කියූ ප්‍රකාශය යථාර්තයක් වෙනවා දැකීම, ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මෙන්ම මුළු රටේම බලාපොරොත්තුව බව හොඳින් සිහියේ තබාගන්න!
අගමැතිතුමනි, ජනාධිපතිතුමනි ඔබතුමා වටේ ඉන්න සමහර කට්ටිය පසුගිය ජාතික ආණ්ඩුවට එකතුවෙලා ඔබතුමාලට බැනපුවෙලේ අපි තමයි ඔබතුමාලා වෙනුවෙන් පිළිතුරු දුන්නේ. අපි නම් පොහොට්ටුවට පටන් ගද්දීම සිටියා. ඔය වටේ ඉන්න එහෙට මෙහෙට පනින කට්ටියගෙන් ඔබතුමාලා ප්‍රවේසම් වන්න. අනෙක ජනාධිපතිතුමාව පත්කරන්න අපේ සිංහල ජාතිය වෙනුවෙන් මහා සංඝරත්නය කරපු සේවය කොපමණ වටිනවද? පුරාණ රජදවස වගේ මහා සංඝරත්නය අද ඉදිරියට ඇවිත් තිබෙනවා. ජනාධිපතිතුමනි, ඔය ඇමැතිවරුන්ට වැඩ කරන්න ඉලක්කයක් ලබාදෙන්න. ඔබතුමාට පුළුවන් ඔවුන්ගේ වැඩ ගැන සොයාබලන්න. ඔබතුමාව රටේ ජනතාව පත්කළේ වෙනසකට... එ් වෙනස ඇති කරන්න. ඇමතිවරු කියන ආකාරයට ඔබතුමා නටන්න ගියොත් පසුගිය ආණ්ඩුවල වගේ මිනිස්සුන්ට ජනාධිපතිත්, ආණ්ඩුවත් ඉක්මණට එපාවෙනවා.
ඇමැති තනතුරු ඔක්කොම හයක්ද? එහෙනම් ගනපූර්ණය හරිනේ. අනික් ඇමතිවරු රැස්වීමට ආවේ නැත්නම් දැන් තනියෙම වුණත් කැබිනට රැස්වීමක් තියන්න පුළුවන්නේ. ගෙදර වුණත් ඒ විදිහට එකල රැස්වීම තියන්න පුළුවන් වීමම 69 ලක්ෂයක ජනතාව ලද සුවිශේෂී ජයග්‍රණයක්...
දැන්ම ඔහොම කියන එක වැරදියි. හේතුව ඒ අය වැඩ පටන් ගත්තා විතරයිනේ... ඒ නිසා අපි තව ටික කාලයක් ඉවසලා ඉන්න ඕනෑ. වෙන්නේ මොනවාදැයි බලන්න.
ඒ ගොල්ලෝ වැඩ පටන් අරන් අවුරුදු 15ක් විතර වෙනවා. බලන්න දෙයක් නැහැ. සුද්දෙ තමයි...!!!
මැදමුලන අපේ සිංහයා!