(යොහාන් භාසුර)
ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් රුපියල් කෝටි 650 ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (28) පැවසීය.
එම ණය මුදලේ පළමු කොටස පසුගිය ජූලි මස ලිට්‍රෝ සමාගමට ලැබීමෙන් පසුව එහි මැද කොටසෙන් ගෑස් සඳහා ගෙවීම් කරමින් සිටින බව කී පීරිස් මහතා අවසන් ණය කොටස ලැබෙමින් තිබෙන බව ද සඳහන් කළේය.
එම ණය මුදලේ තවත් කොටසක් ලෙස ඔක්තෝබර් මස රුපියල් බිලියන 8 ක් (කෝටි 800) ගෙවීමට ද බලාපොරොත්තු වන බවත් එම ණය වසර 10 කට අධික කාලයක් ඇති දීර්ඝ කාලීන ණයක් වුවද භාණ්ඩාගාරයට පියවීම ආරම්භ කිරීම ලිට්‍රෝ සමාගම රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ හොඳින් කළමනාකරණය කරන බවට කදිම නිදසුනක් බවත් පීරිස් මහතා කීය.
ලෝක බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 70 ක ණය සම්පූර්ණයෙන් ලබාගැනීමට පෙර රටේ එහි හිමිකරුවන මහා භාණ්ඩාගාරයට ගෙවීමට හැකිවීම පිළිබඳව සතුටුවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
432
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලිට්‍රෝ ගෑස් ලෝක බැංකු ණයෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවයි
sanjeewa Wednesday, 28 September 2022 07:00 PM
ඉතුරුකොටස දේශපාලකයන් සහ සභාපති ඇතුළු නිලධාරියෝ කොමිස්, බෝනස් සහ වෙනත් දීමලා කියලා තමන් අතරේ බෙදා ගෙනද? ගෑස් කිලෝ 12.5 විකුණන්නේ 4800ට. එතකොට කිලෝ එකක් 384 ක් වෙනවා. මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 126 ක්. ඒ කියන්නේ රුපියල් 46000 ක් පමණ . මෙට්‍රික් ටොන් එකක කිලෝ 1000 ක්. එවිට කිලෝඑකකට යන්නේ රුපියල් 46 කි. ප්‍රවාහන ගාස්තු නැව් ගාස්තු සහ වෙනත් වියදම් කිලෝ එකකට රුපියල් 150 ක් එකතු කළත් මේගොල්ලෝ විශාල ලාභයක් ලබනවා.