(රංජන් කස්තුරි)
ශ්වසන අපහසුතා තිබෙන හෝ කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඉතා ඉක්මනින් රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.
සැක සහිත රෝග ලක්ෂණ මතු වූ වහාම කල්තියා රෝහලකට ගොස් වෛද්‍ය සහාය පැතීමෙන් අවාසනාවන්ත ලෙස මිය යෑම් අඩුකර ගත හැකි බව ද පද්මා ගුණරත්න මහත්මිය කියන්නීය.
කොරෝනා ආසාදිතව නිවෙස්වල මිය යෑම සහ අවසන් මොහොතේ රෝහල්ගත වන අවස්ථාවේ මිය යන්නන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බව ද කල්තබා රෝහල්ගතවීමෙන් එවැනි සිදුවීම් අවම කරග තහ හැකි බව ද වෛද්‍යවරයි සඳහන්නීය.
කොරෝනා ආසාදිතයන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා රෝහල්ගත කළ පසුව විශාල කාර්ය භාරයක් තිබෙන බව ද ඖෂධ සැපයීම,ඔක්සිජන් ලබාදීම වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීම වැනි කටයුතු නිසි පරිදි සිදු කළ හොත් ඔවුන්ගේ ජීවිත බේරාගැනීම පහසුවන බව ද පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්වසන ආබාධ විතරක් නොවේ වෙනත් බොහෝ ශාරීරක අපහසුතා තියෙනවා, ප්‍රශ්නය නම් "වෛද්‍ය උපදෙස්" ගන්නේ කොහෙන්ද කියන එක! ලඟම ස්පිරිතාලේ "වෛද්‍ය උපදෙස්" දෙන්නෙ නැ!
බොහෝම ස්තූතියි මතක් කළාට... අපි එහෙම දෙයක් කළින් දැනන් හිටියේ නෑ..