(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත කාළගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.
අද (24) උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත උදෑසන 9.30 ට ගොඩ බස්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී ගබඩා කරන්න නේද එක ගන්නවා කිවේ? පලාලි වලට යවන්න බැරිද..?
ඇයි මේ මිනිස්සුන්ට මෙතනින් යන්න ඉඩ දෙන්නේ නැත්තේ?
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල (වරායට) යැව්වා නම් හරිනේ...
මාසෙකට වරක් ප්ලේන් එකක් එනවා , එකත් කටුනායකට වැස්සොත් විතරයි. ඕක හැදුවේ අනාගතේ වෙනුවෙන් නම්, ඇයි ඕක හදන කාළෙම බිස්නස් ප්ලැන් එකක් හැදුවේ නැත්තේ. වැරැද්ද කරලා දැන් ඊලග ආණ්ඩුවට බන කියනවා. හොද වෙලාවට ඔකේ කාර්ගෝ වෙයාර් හවුස් එකේ වී ගබඩා කරේ.
මත්තල ගුවන් තොටුපොල දැන් හරියට වේදිකා දෙකක් තියන ප්‍රධාන දුම්රිය ස්ථානයක් වගේ. තවත් දුම්රියක් එම දුම්රිය ස්ථානයෙන් ගමන් කරනතුරු දෙවැනි වේදිකාවේ නවත්තලා තියනවා වගේ තමයි මේ මත්තලත්.
ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකට විතරනේ. වැස්සට කටුනායක බෙදාගන්න බැරි ගැටලුව තියෙන්නේ? අනෙක් එයාර්ලයින් වලට නම් ඒ ප්‍රශ්නේ නැහැ. පේනවනේ දක්ෂතාවයේ තරම? වැඩ බැරි ටාසන්ලා....
ඉන්දියන් සාගරයේ වී ඇටය යයි විරුදාවලි ලත් ගුවන් තොටුපලට යානාවක් බාලා...