(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂවලට සම්බන්ධ පොස්ටර් සහ දැන්වීම් ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා කුරුණෑගල පොලිසියට නියෝග කර ඇත.
කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.
රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයන්ගේ රුව සහිත පොස්ටර් සහ දැන්වීම්වලට යම් හානියක් සිදුවුවහොත් එයින් නගරය තුළ මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒවා ඉවත්කරන්නැයි එම නියෝගයේ සඳහන් වේ.
මහේස්ත්‍රාත් නියෝගයට අනුව කුරුණෑගල සවි කර තිබූ පොදු පෙරමුණට සම්බන්ධ පොස්ටර් කිහිපයක්ම පොලිසිය අද(06) වනවිට ඉවත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කුරුණෑගල විතරක් රටේ අනිත් ප්‍රදේශවලටත් එසේම නියෝග ලැබෙන්නේනම් මොනතරම් සුන්දර ද ?මේ 225 මුණු දකින විට නිකරුනේ සාමාන්‍ය ජනතාවගේ ලේ කුපිත වෙනවා නොවේද ?? අනිත් වැදගත් කාරණයනම් පරිසරය මෙන්ම මුදල් නාස්තියද වලකා ගැනීමට හැකිවනවා නොවේද ??
විනිසුරුතුමන්ට මගේ ප්‍රණාමය. ඒ වගේම මේ දේශපාලන කුණාටු මැද්දේ එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට තරම් එඩිතර වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මගේ ගෞරවය.
බොහෝ විදෙස් රටවල නගර සහ මාර්ග දෙපස තාප්ප හා බිත්තිවල පෝස්ටර්, හන්දියක් හන්දියක් ගානේ කටවුට්, බැනර් කිසිත් දකින්නට නැත. පරසරය පිරිසිදුය. අලංකාරය. ඒකට ශ්‍රී ලංකාවේ හැමතැනම පෝස්ටර්, බැනර්, දේශපාලුවන්ගේ කටවුට්. එක පිරිසක් කෝපය ඉවසා දරාගෙන ඉන්න වකවානුවේ ක්‍රියාවට නැගෙන යම් යම් තීන්දු තීරණ හමුවේ , මම ඉන්නේ මේ බලවතා සමගයි කියන පණිවුඩය දෙන්න , නුගත් මෝඩයින් විසින් අටවනු ලැබ ඇති දේශපාලුවන්ගේ මුහුණු සහිත ලොකු කුඩා කටවුට් බැනර්, පෝස්ටර් වැනි දේ වලට හානි පැමිණ වීමට ඇති ඉඩ කඩ බොහෝය. ඇතිවිය හැකි ගැටුම් ද බොහෝය.
ජනතා මුදලින් ඉදිකල ගොඩනැගිලි වල තම තමන්ගේ නම ගැසීම ආරම්භ වුනේ 1970 මැතිවරණයෙන් පස්සෙ. මෙම තත්වය එකල තිබු රජයට සම්බන්ද පක්ෂ අදත් කරනවා. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවානේ
විනිසුරුතුමනි, පෝස්ටර් අලවන අය ලවාම ඒවා ගලවා පිරිසිදු කරවන්න.