IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු සොයා පරීක්ෂණ


 
(ජේ.කේ.එල් චාමින්ද)
 
නාදුනන පුද්ගලයකු විසින් පාසල් ගොස් එමින් සිටි දස හැවිරිදි පාසල් සිසුවියක්    නරාවල ප්‍රදේශයේ පාළු නිවසක පිටුපසට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බව අක්මීමන පොලිසිය පවසයි.


මෙකී සිසුවිය  පාසල් ගොස් පාගමනින් නිවස බලා ගමන් කරමින් සිට තිබේ. 


වෙල්යායක් මතින් වැටී ඇති මාර්ගයේ කෙළවරේ යතුරුපැදියකින් පැමිණ  සිටි නාදුනන පුද්ගලයා මෙම දැරියගෙන් නිවසකට යන මාර්ගයක් අසා තිබේ. තමන් ඒ බව නොදන්නා බව සිසුවිය නාදුනන පුද්ගලයාට පවසා ඇත. 


පසුව නාදුනන පුද්ගලයා විසින් මෙම දැරිය  අතින් අල්ලාගෙන පාළු නිවසක පිටුපසට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. 


මෙම පුද්ගලයා ඇස් කණ්ණාඩි  හා ජැකැට්ටුවක් පැළද යතුරුපැදියකින් පැමිණ ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.  


අසල නිවාසවල ඇති සී.සී.ටි. වි දර්ශන පරික්ෂාකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ පවත්වයි.



අදහස් (3)

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු සොයා පරීක්ෂණ

rocky Sunday, 02 December 2018 09:03 AM

ඔය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා කාරයින් ගැන සොයා බලන්න. ඔවුන් තමයි හැම ජඩ ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කරන්නේ !!!

:       0       150

chamara silva Sunday, 02 December 2018 10:03 AM

මරණ දඬුවම් දෙන්න ඕනේ... එල්ලා මැරීම ක්‍රියාත්මක කරන්න ඕනේ...

:       0       110

AnadaRSunday, 02 December 2018 02:38 PM

අනේ අපොයි!!! එතකොට අර යතුරුපැදියකින් ඇවිල්ලා පාර අහපු මානවයාගේ හිමිකම් කඩවෙනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site