(එච්. චන්දන)
දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණයක් හා වැඩමුළුවක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී අද (4) පැවැත්විණි.තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
විවිධ බර පන්ති වල ගුවන් යනා රැසක් ගුවන් ගත කළ අතර ඒ පිළිබඳව දරුවන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි. වැඩමුළුව අතර තුර කුඩා ගුවන් යානයක් නිර්මාණය කර එය ගුවන් ගත කිරීමද සිදු කළේය.
මෙම දුරස්ථ පාලක ගුවන් යනා සංදර්ශණය හා වැඩමුළුව ( FOAMY FLERS ) සංගමය මගින් සිදු කළේය.




COMMENTS
මෙම දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානා ප්‍රදර්ශනයට සිවිල් ගුවන් සේවා අධිකාරිය අය කරන රුපියල් 14000 කට ආසන්න මුදල ඉවත් කර දී තිබිම ගැන සතුටු වෙනවා