
(සුජිත් හේවාජුලිගේ)
අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.
ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සියලු පාර්ශ්ව හැකි උපරිමයෙන් දායක කරගෙන අයවැය කටයුතු සාර්ථක කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා යැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ලබන වසර (2022)සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ලබන මස 12 වැනිදා ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.එදින සිට අයවැය විවාදය පැවැත්වෙන අතර අයවැය යෝජනාවලිය පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 10 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා උල්ලංඝනය කරන්නෙත් ඔය කට්ටියම තමයි...
මේ බොරු කී සැරයක් අපි දැකලා තියෙනවද මේ පට්ට පල් බේගල්...? අප්පච්චි සනුහරේ එක්ක ඉතාලි බඩ ගෑවේ... සුපිරි හෝටවල්ලින් කෑම ගිලිනවා අපි දැක්කා. නාමල් කොලුවත් ඔය කොහෙද ගිහිල්ලා ආවේ. බොරු කියන්න එපා හලෝ අපිට...
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙක් මේ වනවිට එක් අයෙක් දහ වතාවත් විතර විදෙස් ගතවෙලා තියෙනවා. මේවාට වියදම් කළ මුදල කෝටි ගාණක්. මම ළඟ තියෙනවා විස්තර ඕනෑ තරම්. එක නිලධාරියෙක් ක්‍රිකට් ගහන්නත් ගිහිල්ලා තියෙනවා. මේවා ගැන කුමන කථාද? මේ අය දේශපාලකයින් අල්ලාගෙන තමයි මේ ඔක්කොම විගඩම් කරලා තියෙන්නේ. මේ විදෙස් සංචාරවලින් අධ්‍යාපනයට කළ සේවයක් නම් නැහැ. මගෙන් අහන්න විස්තර මම ළඟ තියෙනවා. අවුරුදු 10 ක් ඇතුළත 10 වතාවක් පමණ විදෙස් ගත වූ අය ඉන්නවා. මේ එක තැනක් විතරයි. තව කොච්චර අපරාධ කරලා ඇද්ද?
කරොත් තමයි පුදුමේ
ඒ කියන්නේ ඩොලර් නැහැ කිය කියා වැලලෙන්න හැදුවට කට්ටිය විදේශ සංචාර එහෙම අඩුවක් නැහැ වගේ.