IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


බෙලිඅත්තෙන් මාතර එන දුම්රියට මහ සෙනඟක්

(අනීෂා මානගේ)

 
ජනතා අයිතියට පත්වූ මාතර - බෙලිඅත්ත නව දුම්රිය මඟෙහි ගමන් කිරීමට සහ දුම්රිය ස්ථානය දැකබලා ගැනීමට විශාල ජනකායක් අද(09) පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණි.
 
මාතර සිට කතරගම දක්වා ඉදිවෙන නව දුම්රිය මාර්ගයෙහි පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස ඊයේ(08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 
 
ජනතා අයිතියට පත්වූ නව දුම්රිය මාර්ගයෙහි දුම්රිය ගමන් කිරීම පෙරේදා(07) දින සිට ආරම්භ කළ අතර ඊයේ(08) දහවල් වන විට දුම්රිය කිහිපයක් බෙලිඅත්ත දුම්රියපොළ දක්වා ගමන් කර තිබූ අතර බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන්ද දුම්රිය කිහිපයක් ගමන් ආරම්භ කර තිබිණි.
 
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුළු අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර දුම්රිය ස්ථානය දැක බලාගැනීමටද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඊයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ඇදී එන ආකාරයද දක්නට හැකි විය. බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණි දුම්රියවලද විශාල ජනතාවක් බෙලිඅත්ත දක්වා පැමිණ බැස ගියහ.



අදහස් (17)

බෙලිඅත්තෙන් මාතර එන දුම්රියට මහ සෙනඟක්

sirimal Tuesday, 09 April 2019 10:17 AM

මේවායේ ඔය පාර හැදුව අයගේ උප්පැන්නේ සහිත බැනර් එල්ලුවේ නැද්ද කවුරුවත්? මහජනයාගේ බදු මුදල් වලින් හදන දේවල් හරියට ඒගොල්ලන්ගේ අතින් වියදම් කරලා හැදුව වගේ තමයි සමහරු පෙන්වන්න හදන්නේ.

:       434       615

RasithaTuesday, 09 April 2019 12:04 PM

හොරා කන බදු මුදල් වලට වඩා කොච්චි පාර හදන බදු මුදල් හොදයි මහත්තයෝ, සුද්දාගෙන් පස්සේ එක පාරක් වත් හදන්න බැරි උනේ අපේ දේශපාලන කරුමයකට මිසක් බැරිකමකට නොවේ. පෙර රජවරු පවා වැව් අමුණු ඉදිකළේ මිනිසුන්ගේ බදු මුදල් වලින් මිසක් ඔහුන්ගේ පෞද්ගලික මුදල් වලින් නෙමේ නමුත් ඒ සෑම කිර්තියක්ම යන්නේ ඒ සදහා මුල් උන නායකයාට. එක නිසා උප්පැන්න සහිත බැනර් එල්ලුවට කුහක වෙන්න එපා, සතුටු වෙන්න පාට කණ්ණාඩි විසිකරලා රටට දෙයක් ලැබුණා කියලා.

:       311       216

sirimalWednesday, 10 April 2019 01:33 PM

ඔය බැනර් එල්ලපු මිනිස්සු එහෙනම් "පාට කණ්ණාඩි විසිකරලා" ඔබතුමා කියන ආකාරයට "රටට යමක් ලැබුනාය" කියන ප්‍රීතියෙන් උද්දාම වෙලා වෙන්න ඇති ඒ වැඩේ කරන්න ඇත්තේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානය ඇරලා දවස් දෙකක් වුනෙත් නැහැ. දැන් ඔච්චර ලස්සන ගොඩනැගිල්ල පුරාම බුලත් කෙල ගහලා, හිස් බෝතල්, ටින්, විස්කෝතු දවටන ආදී අපමණ අපද්‍රව්‍ය තැන තැන විසි කරලා තියෙන අන්දම පෙන්වන පින්තූර අපි දුටුවා අන්තර් ජාලයට එක්කරල තියෙනවා. ඔය තියෙන්නේ ඔය කියන " පාට කණ්ණාඩි ගලවපු " අයියලා" රටට යමක් ලැබුණාය" කියලා උද්දාමයෙන් කටයුතු කරන ලස්සන....

:       3       212

gamini1Tuesday, 09 April 2019 12:10 PM

දිලිදු කම සහ නුගත් කම නිසා පාක්ෂිකයන් නොයෙක් අත්තනෝමතික ක්‍රියාවන්හි යෙදීම නැවත්විය හැක්කේ ඔවුන් අධ්‍යාත්මික කෙරවීමෙන් පමණි,......නමුත් ලංකාවේ එම දේවල් කිරීම ඉතාම දුෂ්කර වේ ....මන්ද වත් 95% දේශපාලන පසුබිම එයට එකග නොවීමි ....නොහොත් ඔවුනට එය වැදගත් නොවීමය..!!!

:       0       37

janatha anura Wednesday, 10 April 2019 08:59 PM

කොහෙද බදු මුදල් ? ඒවා පාවිච්චි වන්නේ රජයේ වැටුප් පාර්ලිමේන්තු නඩත්තු සහ මැති ඇමති වියදම් බැංකු වංචා පියවීම සිරිලන්කන් ගුවන් යන ගනුදෙනු නැවත දැමු ව්‍යාපෘති වන්දි ගෙවීම , සුළු ප්‍රමාණයක් අධ්‍යාපනයට සහ වෛද්‍ය සේවයට මේවා කරන්නේ චීන ණය වලින් ගෙවන්නේ ඔයාලගෙ ළමෝ ලපටි

:       0       0

චන්දුලාල් Tuesday, 09 April 2019 10:34 AM

අම්මෝ ගම් බට්ටෝ

:       162       150

jerald Tuesday, 09 April 2019 10:42 AM

මේ වගේම කැළණි වැලි දුම්රිය මගත් ඇඹිලිපිටිය දක්වා දික් කරන්න. ඉන් පසු නෝනාගම දක්වා ගෙනගොස් මාතර-කතරගම දුම්රිය මගට යා කරන්න. ඉන්පසු රටේ විශාල දියුණුවක් දැකගත හැක.

:       16       196

හිරාන් Tuesday, 09 April 2019 11:00 AM

කවුරු කලත් ජනතාවට කරන ලද ඉහළ සේවාවක් .................අගය කරනවා ............

:       0       166

liyanage Tuesday, 09 April 2019 11:02 AM

ජනතා අයිතියට පත්වූ නව දුම්රිය මාර්ගයෙහි දුම්රිය ගමන් කිරීම විවෘත කිරීමේ උත්සවයට පක්ෂ පාට නොමැතිව ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහභාගිවී සිටීමේ දුර්ලභ අවස්ථාවක් දැකගන්නට ලැබුණි. රටේ සංවර්ධනය සහ මහජනතාවගේ දියුණුව සහ සුබසාධනය වෙනුවෙන් ඉදිරියටත් මේ ආකාරයෙන්ම සිදුවනවානම් සහ ජාතික රජයක් පිහිටුවා ගැනීමෙන් රට සීඝ්‍රෙයන් ඉදිරියට ගෙන යාමට හැකියාව පවතී. අවසානයේ රට වෙනුවෙන් යමක් කළා යි නිහතමානී සතුටක් ලැබීමට සැම දෙනාටම පුළුවනි.

:       0       289

chandima Tuesday, 09 April 2019 12:52 PM

අම්මප මේ අයට කොච්චි එන්ජිම ටිකක් හෝදලා අරගෙන යන්න බැරි උනානේ පලවෙනි ට්‍රිප් එකටවත්.

:       1       0

නමින්ප්‍රිය Wednesday, 10 April 2019 12:57 AM

1970 ත් 1977 අතර පැවති සමගි පෙරමුණු රජය කාලයේ කැළණි වැළි දුම්රිය මාර්ගය වසා දැම්මා. ඒ කාලයේ රත්නපුර දිස්ත්‍රිකකයේ සිටි දුම්රිය මාර්ගය වැසීමට අත ඉස්සූ මන්ත්‍රීවරයෙක් තවමත් පාර්ලිමෙන්තුව නියෝජනය කරනවා මාතර වැනි ප්‍රදේශවල සිට කොළඹට ඉතා හොඳ ප්‍රවාහන ක්‍රමයන් තිබෙනවා.නමුත් රත්නපුර සිට කොළඹ රැකියාවලට යන අය බස් රථවල පාපුවරුවේත් එල්ලී වවුලන් ලෙස යනවා ජෙරාඩා මහතාගේ අදහස නොපමාව ක්‍රියාත්මක කරන්න

:       0       6

vidya Wednesday, 10 April 2019 01:54 AM

මේ ගමන්ම මිනුසුන්ට සන්සුන්ව පෝලිමක ඉඳල බසින අයට ඉඩ දීල නගින අයට පහසුවෙන් නහින්න පුරුදු කරන්න කාන්තාවන්, මහලු ය සහ චුටි දරුවන්ට කලින් නගින්න පුරුදු කරන්න . අර්ජුන ලජ්ජා නැද්ද බෝඩ් වල නම් ගහ ගන්න.

:       17       0

nimal Wednesday, 10 April 2019 05:40 AM

අපේ ගෙදර තිබුණා 2005 විතර ගහපු පොතක්. මහින්ද චින්තනය කියලා. ඒකේ තිබුණා කුරුණෑගල සිට දඹුල්ලට දුම්රිය මාර්ගයක් 2ි 007 හදනවා කියලා. දැන් 2019 යි. කවද හරි හැදුවොත් මම එයාගේ බැනර් එකක් ගහනවාමයි. පොරොන්දු ඉටු කළ .......තුමාට ස්තුතිය කියලා. අමාත්‍යාංශ නිළධාරින් සැලසුම් කරුවන් හදපු සැලසුම් තමන්ගේ වැඩ විදිහට පෙන්නලා ජනතාව රවට්ටන වග ජනතාවට තෙරෙන්නේ නැහනේ ඇත්තට.

:       19       9

menaka Wednesday, 10 April 2019 06:04 AM

ඔක්කොම කරන්නේ අපේ බදු වලින්. එහෙත් සමහරු මොකුත් නොකර ගසාකනවා. සමහරු සමහර දේවල් කර ගසාකනවා. සුද්දගේ කාලේ ඉදලා කරේ ගසා කපු එක. එක නිසා මොකා ආවත් ගසාකන එක නැවත් විය නොහැකි බවක් පෙනියනවා. දැන් අපි මොකද කරන්න ඕන? රට කරන්න පුළුවන් අඩුවෙන් ගසාකන උන් තෝරා ගන්න වෙනවා.......

:       0       6

සුනෙත් ලංගප්පුලි Wednesday, 10 April 2019 06:56 AM

ඇයි චන්දුලාල් ගම බට්ටියොත් ඉන්නේ. අවුරුදු කාලේ කොළඹ නිදහස් වෙයි මේ අයගෙන්. අනේ වාසනාවන්!

:       0       9

anura Wednesday, 10 April 2019 09:04 PM

මේ පරණ පෙට්ටි වසර 50 වඩා පැරණි තීන්ත ටික වත් ගාගන්න බැරිද ගෙනාවේ රුමේනියාවෙන් අපි පුංචි කාලේ

:       0       0

sirimal Thursday, 11 April 2019 11:41 PM

පව් කොහොම ඉන්න ඕන කෙනෙක්ද මේ විහින් සවුත්තු වෙලා ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 6 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 67 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 91 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 2413 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 614 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 865 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1212 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1507 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 388 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site