(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට අද (17) පැමිණීම
විශේෂත්වයක් විය.
ආරක්ෂක හේතූ මත ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
ඉතා වටිනා සුපිරි වාහන පාර්ලිමේන්තු පරිස්‍රයේ ඊයේ දැකගත හැකිවූයේද ඉතාම අඩුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ ආරක්ෂකයන් වැඩි පිරිසක් පැමිණෙනුද දැකගත හැකිවිය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට අද (17) පැමිණ නොසිටියහ.
ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇඳිවත පවා සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි එස් එම් චන්ද්‍රසේන මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඟපෑම් අති විශිෂ්ටයි...
පොඩි වාහන වලින් එන්න පුළුවන් නම්, දිගටම ඔය විදියට එන්න කියන්න. බොරුවට පර්මිට් දෙන්න ඕන නැහැ මහජන මුදල් නාස්ති කරන්න.
ඒ කියන්නේ වාහනයේ පුංචිකම දරාගන්න බැරි කමක් නෑ. දේශපාලනඥයෙකුට වුණත්... ආරක්ෂක උපක්‍රමය වෙනුවට ඔළුවේ ලොකුකම අත් හැරීමේ අභ්‍යාසයට දේශපාලනඥයින් යොමු වන්නේ නම් ඒ උපක්‍රමය මුළු රටේම යහපතට හේතු වනු ඇත.
නැතිනම් කන්න වෙනවනේ...!
ඇඳිවත ගැන ඔච්චර කරදර වෙන්න එපා. හොරකම් කළ වාහනවලින් කොච්චර ගන්න පුළුවන්ද? එදාවේල කන්නවත් නැති අය අමුඩෙ ගහගෙන කුඹුරු කොටන අය ඉන්නවා කියලා දන්නේ නැද්ද? අමුඩයක් ගහලා යවන්න ඕනේ ඔය විලමැද දූපතට...
දැන් ඉතින් ආපහු ඇමැතිලා වෙලා නැතිවුණු දේවල් හොරාකන්න පුළුවන්නේ..!