IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


‘‘යහපත් සමාජයක් හදන්න හැම පියවරක්ම ගන්නවා‘‘

(අංජුල මහික වීරරත්න)

අශිෂ්ඨත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ඨත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ශිෂ්ඨ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති බෝධිරාජ පදනමේ නිර්මාතෘ,දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි. තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බව කී ජනාධිපතිවරයා ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බව පැවසීය.

මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානා හිමිගේ මුලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද සහභාගී වූහ.



අදහස් (5)

‘‘යහපත් සමාජයක් හදන්න හැම පියවරක්ම ගන්නවා‘‘

මාලිමාගැත්තා Thursday, 29 May 2025 08:05 AM

පළමුව ආදර්ශයක් ලෙස කට උල්කරකර කියන අල්ලේ පැළවෙන පච නතර කරමු...

:       0       0

Zircon Thursday, 29 May 2025 08:23 AM

මෙයාලා යහපත කියලා කියන්නේ බත් මුට්ටි උස්සන, අලුතෙන් එන උන්ට දස වධ දෙන, බල්ල කපලා වැටේ ගහන, වෙඩි තියන, උද්ඝෝශණ කරන, සමලිංගික සේවනේ කරලා ඒඩ්ස් හදා ගන්න, එක වගන්තියකින් බොරු 20ක් කියන, අනුන්ට බොරුවට චෝදනා කරන, ත්‍රස්ථවාදීන් ජාතික ලැයිස්තුවේ දාගෙන එයාලා උගත් බුද්ධිමත් දරුවෝ කියන එක. ඒක තේරුම් අරන් වැඩ කරොත් හොඳයි හාමුදුරුවනේ.

:       0       0

Kamal Koyrala Thursday, 29 May 2025 11:55 AM

ගන්න තියෙන්නේ එක පියවරයි. 5/6 උඩ 159 එක පෑන් පහරින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එක...

:       0       0

Vimal Thursday, 29 May 2025 09:51 PM

අම්මෝ ඉතින් කයිය

:       0       1

Bunny Preena Friday, 30 May 2025 10:25 AM

යහපත් පාලකයින් සහිත යහපත් පුරවැසියන් සිටින යහපත්, සුවපත් රටක අවශ්‍යතාවය දැඩිව දැනෙන කාලයක්. මෙය ශාක්ෂාත් කර ගැනීම සඳහා ගිහි පැවිදි, ආගාමික නායකයින්ගෙන් සාමාන්‍ය ජනතාවට දෙන අවවාද අනුශාසනා සහ මඟ පෙන්වීම ඉතාමත් වැදගත් ,ඒ වගේම වටිනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 289 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site