(නාලක සංජීව දහනායක)
හදිසියේම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහය තමන්ට ගැටලු සහගත බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ආණ්ඩුවේ අවසන් සමයේදී හදිසියේම මෙලෙස පනත් ඉදිරිපත් කිරීම හා පවතින නීති රීති වෙනස් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
මේ වනවිටත් 1949 වසරේ අංක 58 දරණ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව උත්සාහ ගනිමින් සිටින බව විපක්‍ෂනායකවරයා කීය. මෙලෙස පනත් වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක‍්‍රියාත්මක වන ඊ.පී.එෆ් අරමුදල වැනි අරමුදල් නිදහස් කරගෙන සිතූ ආකාරයෙන් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව කී විපක්‍ෂනායකවරයා ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් මණ්ඩලයේ අනිවාර්ය නියෝජිතයකු ලෙස කටයුතු කළ යුතු බව කී විපක්‍ෂනායකවරයා ඔහු එම මණ්ඩලයෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමක් පත්කර ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය කිසිදු ආර්ථික විශේෂඥයකු අනුමත නෙකාරනු ඇතැයිද පැවැසීය.
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු පත්කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කළද මේ වනවිට කොමිෂන් සභා විසින් ඒ පත්කිරීම් සිදුකරන බව පැවැසූ විපක්‍ෂනායකවරයා ඒ අනුව රිසිසේ මුදල් අච්චුගැසීමට ආණ්ඩුවට විශාල නිදහසක් ලැබෙන බවද සඳහන් කළේය. ආණ්ඩුව මේ ආකාරයට දිගින් දිගටම ක‍්‍රියාත්මක වුවහොත් එහි සියලු බරපැන ඉදිරියේදී ජනතාවට දැරීමට සිදුවනු ඇතැයි විපක්‍ෂනායකවරයා කීය.
යම් හෙයකින් පනත් වෙනස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ විෂය ක්‍ෂේත‍්‍රයේ බුද්ධිමතුන් සමඟ සාකච්ඡා කළ යුතු බවත් එසේ නොකර හදිසියේම පනත් වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය සම්බන්ධයෙන් තමන්ට ප‍්‍රශ්නයක් ඇති බවත් විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘මූල්‍ය නීති පනත වෙනස්කිරීමේ උත්සාහය ගැටලුවක්’