IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


‘දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘

(අංජුල මහික වීරරත්න)

මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින්  නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත්  ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දී අද (23)  පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ  පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි. 

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා  ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ  සිසු දරුවන් 40 දෙනකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කරන කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

2023 වසරට අදාල පාසැල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින පුරා බෙදා දී අවසන් බවත් දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (12)

‘දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘

ජයසේකර Thursday, 23 March 2023 12:33 PM

ඒක කරන්න නම් තට්ටයා ඉන්න තුරු බැරිවේවි සොයා බලන්න මේ මිනිස්සු රටේ දරු පරපුර හා අනාගතය විනාශ කරන්න මොවුන් පොළඹවන්නෙ කවුද ඒවට වියදම් කරන්නෙ කියලා මොවුන් මේවාට පොළඹවන සංවිධාන ඇතිකියලා හිතෙනවා ඒවා තහනම් කරන්න එහෙම කරල රටේ දරු පරපුර සමග රට ආරක්ෂා කරන්න ජයවේවා

:       22       33

nimesh Thursday, 23 March 2023 01:37 PM

පහුගිය උසස් පෙළ සමයේ (මානව හිමිකම් කොමිසමෙන් නියෝග කලත් ) විදුලිය දෙන්නේම නැහැ කියපු පිනාට දැන් ළමයින් ගැන අමුතු කැක්කුමක් ඇවිල්ල

:       22       43

pakeer Thursday, 23 March 2023 02:15 PM

අද්‍යපනේට වෙලා තියෙන දේ තමුන් දන්නෙ නැහැ..තමුන් දන්නෙ තමුන් ගිය ඉස්කොලෙ එවුන්ගෙ ඒ්ව විතරයි. ගිහිල්ල බලනව හරියකට ප්‍රින්සිපල්ල නැති ඉස්කෝල කීයක් තියෙනවද කියල...කන්න නැතිව ඉන්න ලමයි කොච්චර ඉන්නවද කියල....ලියන්න පොත් පන් ගන්න බරුව ඉන්න ලමයි කොච්ච්චර ඉන්නවඩ කියල...කතා නෙමි..වැඩ කරල පෙන්නනව.

:       16       32

කෝදාගොඩ Thursday, 23 March 2023 03:57 PM

පකීර් නානා නරිලා ගැන හරියට නොදන්නා කෙනෙක් කියලා පේනවා 1977-78 වනවිට ලංකාවෙ ඉංග්‍රීසි ගුරුවරු ඉතාමත් අඩුයි විදුහල්පතිවරු රනිල් අධ්‍යාපන ඇමති ලෙසට සිටිද්දී ඉංග්‍රීසි ගුරුවරු ඉල්ලීම කලා එතුමා වසරක් ඇතුලත ඉංග්‍රීසි ගුරු ප්‍රශ්නය විසදුවා ඊළඟට සෑම ගුරුවරයෙක්ටම පුහුණුවක් අවශ්‍යබව සලකා එතුමා විද්‍යාපීඨ ආරම්භ කලා ඒවා නොදැන අනුන්ගේ ආණ්ඩුවක කොන්ත්‍රාත් එකක් අරගෙන කෙටිකාලයේ කරදේ මදිද නානා ඔබතුමා ගිහිල්ලා එතුමා හමුවෙලා තියෙන ප්‍රශ්න කියන්න හරිගියේ නැත්නම් ඔහොම ලියන්න වනක්කම් අයියා

:       2       4

නිශාන්ත Thursday, 23 March 2023 02:22 PM

පැලැස්තර එපා මූල බීජයම අයින් වෙන්න

:       1       1

අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 02:25 PM

රට විනාශ කරලා දරුවන්ට අනාගතයක් නැති කරලා දැන් බයිලා ගහනවා වසලයෝ.

:       4       2

චන්දිම Thursday, 23 March 2023 02:46 PM

ගණන් ගන්න එපා මෙයා මේ කටට එන එන ඒවා ඔහේ කියලා දානවා විතරයි.

:       3       1

සත්ත්‍යා Thursday, 23 March 2023 04:27 PM

දැන් මෙයා " ජොලී සියා " වෙලා !

:       3       1

S samarawickrama Thursday, 23 March 2023 05:07 PM

මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර නොබලා ඉතිහාසයේ පළමු වතාවට වෘත්තීය සමිති කරන ජාතික අපරාධයට මෙම වෘත්තීය සමිති මෙන්ම ඔබතුමා ඇතුළු රජයේ සියලු දෙනා ම වගකිව යුතුයි වහාම පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම සඳහා පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි

:       1       3

ගමේ එකාලා Thursday, 23 March 2023 06:15 PM

ගමක පාසැල්වලට ගිහින් බලන්ඩ ඕනේ දරුවෝ වින්දින දුක. පින් ජනපතියාට මොනවා කියන්ඩ බැරිද?

:       4       3

Nandasena gr Friday, 24 March 2023 05:33 AM

ඔය කිඹුල් කඳුළු එදා උසස් පෙල විභාගෙ දවස්වල වැටුනෙ නැහැ නේද නරිල් මහත්තයෝ.ඔයා එන්නෙ මොකටද කියන එක පැහැදිලියි.ඔච්චර බංකොලොත් වෙන්න එපා බලය වෙනුවෙන්.

:       2       2

දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘ Friday, 24 March 2023 10:22 AM

දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘ වනසන්න දරුපරපූරක් ඇත්තෙත් නෑ. ඒක කරන්නේ ගුරු හොරු විතරයි.. අලූත් පත්වීම් දෙන කොට අලූත් ගිවිසුමක් අත්සන් ගනිමූ දේශපාලනයට කඩේ යන්නේ නෑ කියල.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 856 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 832 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 95 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 872 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 1199 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 3127 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1229 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1513 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 390 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site