(සුජිත් හේවාජුලිගේ )
මෙරටට ගෙනවිත් ඇති ෆයිසර් එන්නත අගෝස්තු මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
මේ එන්නත සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන විවිධ අංශවලින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට යෝජනා ගණනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.
මේ අතර ෆයිසර් එන්නත් ඉතිරි ප්‍රමාණය යොදාගෙන කොවිඩ් මර්දන සිවුවෙනි මාත්‍රාව නොපමාව ලබාදෙන්නැයි යෝජනා කළ බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
ඉතිරි එන්නත් ප්‍රමාණය වෙනත් රටකට විකිණීම සම්බන්ධයෙන්ද යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එම එන්නත් ගෙන්වීමේදී අත්සන් කෙරුණු ගිවිසුම් අනුව එසේ විකිණීමට කටයුතු කළ නොහැකි බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.
මේ අතර කොවිඩ් තත්වය පහව යෑම නිසා කොවිඩ් එන්නතට ඇති ජනතාවගේ උනන්දුවද විශාල වශයෙන් පහත බැස ඇතැයි තාක්ෂණ සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ෆයිසර් සිවුවැනි මාත්‍රාවත් දෙන්න හදයි
Karl Saturday, 16 April 2022 02:50 PM
තවත් සල්ලි ගහන්න හදන්නේ..!!!
Always breakdown Saturday, 16 April 2022 03:25 PM
මේ අය ඒකෙනුත් ඩීල් දාලා...
රිතික් Saturday, 16 April 2022 06:11 PM
තුන්වෙනි එක ගැහුවට පස්සෙ බාගෙට පණ තියෙන්නේ... තව හතරවෙනි එකක් ගැහුවොත් නැත්තටම නැතුව යයි.