(රෝෂන් තුෂාර)
අසාධාරණ සහ අයුක්ති සහගතලෙස ලාභ ඉපයීමේ චේතනාවෙන් ජනප්‍රිය වෙළෙඳ නාම අනුකරණය කර පාවහන් යුවළක් නිෂ්පාදනය ,බෙදා හැරීම හා අලෙවිකිරීම වළක්වමින් හොරණ පාවාහන් නිෂ්පාදන සමාගමකට වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු පි.පි.රත්නායක මහතා නිකුත් කළේය.
ඩී.එස්.අයි වෙළඳ සලකුණ යටතේ පාවහන් නිෂ්පාදනය කර බෙදා හරින ඩී.සැම්සන් සහ පුත්‍රයෝ සමාගම විසින් හොරණ සමාගමකට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
පැමිණිලිකාර ඩි එස් අයි සමාගමේ "බීච් ඩිඑස්අයි" (BEACH DSI) පාවහන් යුවළ අනුකරණය කරමින් "බීච් සිනෙල්පා" නමින් රබර් සෙරෙප්පුවක් නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවි කිරීම මේසේ තහනම් කෙරිණි.
දශක ගණනාවක් පුරා වෙහෙස මහන්සි වී, දැඩි උත්සාහයෙන් හා කැපවීමෙන් ජනතා විශ්වාසය දිනාගත් සැම්සන් සමූහ ව්‍යාපාරයේ "බීච් ඩි එස් අයි" සෙරෙප්පුවේ වෙළඳ ලකුණට හිමි අයිතීන් දේවේශ සහගතව උල්ලංඝනය හා අනුකරනය කරමින් අයුතු සහ අසාධාරණ ලෙස ලාභ ලැබීම වළක්වන ලෙසට ඉල්ලා මෙම බුද්ධිමය දේපළ නඩුව පවරා තිබිණි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හොරණ සෙරෙප්පු සමාගමකට වාරණයක්