IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොර එස්.අයි ට වැඩ වරදී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

උප පොලිස් පරීක්ෂකවරයකු බව පවසා නිවෙස්වලට ඇතුළු වී නිවෙස් පරික්ෂා කිරීමේ මුවාවෙන්, පුද්ගලයන් පැහැරගෙන ගොස් ,දේපල හා රන් භාණ්ඩ කොල්ල කා පළා යාමට පුරුදුව සිටි පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බව වැලිකඩ පොලීසිය පවසයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන රාජගිරියේ " ඌරු උක්කුවා " (34) සහ රාජගිරියේ "ෂාන් "(26) නැමැත්තකු බව පොලීසිය කියයි.

ඒ සමග සොරාගත් රුපියල් එක්ලක්ෂ හතලිස් හතර දහසක් වටිනා , ලැප්ටොප් පරිගණකයක් , මොනිටරයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගත් තිබේ.

මොවුන් දෙදෙනා නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබූ ඉකුත්දා රාජගිරිය උද්‍යාන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයකට   ඇතුළුවී ,එහි තිබූ රුපියල් 144000 වටිනා,  ලැප්ටොප් පරිඝණකයක් , මොනිටරයක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් සොරාගෙන ගොස් තිබුණි .
පසුව ඒ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව, විමර්ශන සිදු කරමින් සිටියදී, පානය සදහා මිළදී ගත් හෙරොයින් වලට හිලව් කිරීම සඳහා ,පරිගණකයක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් පොලීසියට ලැබුණු පසු

ඒ අනුව රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක් වටලා , 26 හැවිරිදි  පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර  ඔහුගෙන් ලද තොරතුරකට අනුව , ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පසුව සැකකරුවන් ගෙන් ලද තොරතුරකට අනුව, රුපියල් දහදාහක් වටිනා, හෙරොයින් පැකට් 10 , හිලව් වීම සඳහා,  විකුණා තිබූ ලැප්ටොප් පරිගණකය සහ, රුපියල් පනස් දහසක් වටිනා මොනිටරය ඇතුළු විද්‍යුත් උපකරණ තොගය රුපියල් හයදහසකට විකුණා  තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි .

පසුව සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේදී ,ගෙවල් බිඳුම් සම්බන්ධයෙන්  දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන "ඌරු උක්කුවා" දේපල සොරා ගැනීමක්  සම්බන්ධයෙන් මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින්
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි.

අනිත් සැකකරු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ , ව්‍යාජ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින්, නිවෙස්වලට ඇතුළු වී, නිවෙස් පරික්ෂා කිරීමේ මුවාවෙන් පුද්ගලයින් පැහැරගෙන ගොස් , අතරමගදී ඔවුන් පැළඳ සිටින රන් ආභරණ හා මුදල් කොල්ලකා , මහ මග දමා යාමට පුරුදුව සිටි පුද්ගලයකු බවත්  පොලිසිය කියයි .

එලෙස මුල්ලේරියාව පොලිස් වසමේ නිවසකට ඇතුළු වි, නිවස පරීක්ෂා කිරීමේ මුවාවෙන් , පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ,කොල්ල කන ලද , රුපියල් ලක්ෂ 3 ක් වටිනා, රිදී මුදු 08, සහ රන් මාලයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

හොර එස්.අයි ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site