(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,සහ පාරදුර සුමිත් ප්‍රේමතිලක)
හොරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි කාන්තාවක් පමුණුගම තිස්ස මාවතේ නිවසක දී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලිසිය කියයි
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකේ මත්කුඩු ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් ,මත්කුඩු පැකට් පහළොවක් , වීදුරු කැබැල්ලක්, පැකට් කිරීමට ගන්නා කුඩා කොළ කැබලි තොගයක් බ්ලේඩ් ආදිය පොලිස් භාරයට ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය
අත්අඩංගුවට ගත් කාන්තාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන "පමුණුගම කුකුල් අන්ඩාගේ" බිරිද බව පොලිසිය කියයි.
වැටලීම කරන අවස්ථාවේ දී කාන්තාව කාමරයක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිස් නිලධාරීන් දැකීමත් සමගම සැකකාරිය එම මත්කුඩු ශරීරය තුළ සඟවා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
මත්කුඩු ජාවාරම හේතුවෙන් දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳ මෑතකදී ඇපමත පැමිණ තිබූ සැකකාරියගේ ස්වාමි පුරුෂයා වන කුකුල් අන්ඩා නමැත්තා සැකකාරියට මෙම මත්කුඩු ලබාදී පැකට් කරන ලෙස පවසා තිබු බව පොලිසිය කියයි
වයස අවුරුදු හතළිස් එකක් වන සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හොරොයින් සමග කතක් මාට්ටු