
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනත දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.
COMMENTS
මේ අවුරුදු දෙකට කීසැරයක් නම් කැඳෙව්වද? ඒත් පොරොන්දු වුණු වැඩ ටික කරන්න වෙන්නේ ඉතිරි අවුරුදු තුන ඇතුළත තමා කියලයි කියන්නේ...!
ඔව්.., ඔව්.., සියලු සාන්තුවරයන්ට පැදුරක් එහෙම තියලා පටන් ගත්තේ ඔතැනට එන්න තමයි කියලා රටම දන්නවා. කාව කාව මට්ටු කරන්න බාරදීලාද කියලා බලමුකෝ...!
කතානායක මෙම ලිපිගොනු පිටපත් ගහලා ගබඩා කරලා ඇති. කිහිප වතාවක් කතානායක මේ ප්‍රකාශ කරලා තියන්නේ... ඉදිරියේදී කතානායක මේ නිවේදනය පටිගත කරලා තියනවා නම් පහසුයි.
හීනෙන් බයවෙලා වගේ හමුදාව කැඳවන්නයි, පෙට්‍රල් ගහන්නයි ඇරුණාම ඉතින් වෙන මොනවා දැනගන්නද? අපිත් මෙයාගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්නද?
ඔහු මෙම නියෝගය කී වතාවක් කළාද? මම හිතන්නේ 4-5 වතාවක්
හමුදා පාලනයක් ගැන යන්නත් සදාම් හුසේන්, ගඩාෆි වැනි ශක්තිමත් නායකයෙක් අවශ්‍ය වෙනවා. යුද්ධයට බයේ ඇමෙරිකාවට පැනලා ගිහින් පෙට්‍රල් ශෙඩ් එකක වැඩ කරපු නන්දසේනට එවැනි නායකත්වයක් දෙන්න බැහැ.
පැය කීපයකට කලින් පාර්ලිමෙන්තුවේ කතාවේදී කිවුවා නේද මානව හිමිකම් කඩන්නේ නෑ කියලා. නොහැකියාව වහගන්න ජනතාව මර්ධනයට නේද හදන්නේ
දැන් සැපද?
මම අහලා තියෙනවා මෙයා ඇමෙරිකාවේ පෙට්‍රල් ගහපු ශෙඩ් එකේ හැමදාම මුදල් අඩුවෙනවලු...
ඔච්චරයි දන්නේ.. හමුදාවත් දෙකයි පනහට දාලා තමයි මෙයා ගෙදර යන්නේ...
ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන්, නිදහසේ නාමයෙන් පත්වුණු අධමයින් ඊට පසුව විශ්වාස කරන්නේ තුවක්කුව. ජනතාව ප්‍රතික්ෂේප කරද්දී තුවක්කු රෝල් කරලා...
බයියන් අදහස් ලියන්නෙත් නැහැ, ඩිස්ලයික් කරන්නෙත් නැහැ වගේ...
අනිත් පැත්ත හැරෙන බයියන් බය කරන්න වගේ...!
අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ ඕක තමයි. හැමදාම රණවිරුවෝ දේශප්‍රේමය, ජාතික ආරක්ෂාව තමයි මාර්කට් කෙරුවේ.. දැන් මිනිස්සු ඒවට රැවටිලා ඉවරයි.
රටම නැතිකරන්න ඉස්සරවෙලා මන්ද බුද්ධික මෝඩයින් එළවන්න පෙළගැසීමට කාලයයි මේ...!
සත්‍යයට මුහුණ දෙන්න. අගුලු දමන්න එපා..
නිවැරදි තීරණයක්
ඇයි බය වුණාද ඊයේ කොළඹට ආපු සෙනඟ දැකලා? තවත් වැඩිවෙයි ඉදිරියට..