IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයටම යට වීමෙන්  මිය ගිය බව වරාය පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අයකු බව පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා සිමෙන්ති සෑදීම සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය තොගයක් වීල් ලෝඩරයකින් ලොරි රථවලට පටවන අවස්ථාවේදී අමුද්‍රව්‍ය තොගය වීල් ලෝඩරය මතට පතිත වී ඇති බවත් ඊට මොහු යටවී ඇති බවත් පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ අසල සිටි ලොරි රථ රියදුරන් විසින් තුවාල කරු හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබුණු අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

අනතුර සම්බන්ධයෙන් වරාය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන අතර හෙට දින මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

 



අදහස් (1)

හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට

Anura UAE Sunday, 29 September 2024 09:06 AM

මනා පුහුණුවක් නැතිව යන්ත්‍ර ක්‍රියාකරුවන් යෙදවීම සේෆ්ටි නිලධාරීන්ගේ සේවය පැහැර හැරීමක්.. එහෙම අය ලංකාවේ ඉන්නවාද කියලා ප්‍රශ්නයක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site