IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හෝමාගම පොලිසියේ 41 ඇතුළු 73 ක් නිරෝධායනයට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ  කාන්තා පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා වයිරසය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17)  නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු පැවසීය.

මේ අතර  සහකාර පොලිස්  අධිකාරි කාර්යාලයේ නිලධාරීන් 30 දෙනෙකු,හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනෙකු සහ පොලිස්  කොස්තාපල්වරියගේ සමීපතමයින් 30 දෙදෙනෙකු වන බව පැවසේ.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු හැටියට සේවය කරන අතරතුර කොරෝනා වයිරසය වැළඳුණු පුද්ගලයාගේ මව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරියක හැටියට සේවය කරන අතරතුරදී කොරෝනා වයිරසය රෝග වැළඳීමත් සමඟ ඇයගේ සමීපතමයින් 30 දෙදෙනෙකු  මෙසේ  නිරෝධායන මධ්‍යස්ථානයට  යොමුකිරීමට පියවර ගැන තිබුණි .

ඒ අනුව ඇය සේවය කළ පොලිස් අධිකාරී කාර්යාලයේ 30 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටද , ඔවුන් සමඟ  ආශ්‍රය කළ හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනකු ද බියගම නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකළ බව උසස් පොලිස් නිලධාරියා පැවැසීය .



අදහස් (9)

හෝමාගම පොලිසියේ 41 ඇතුළු 73 ක් නිරෝධායනයට

රාලහාමි Friday, 17 July 2020 07:11 AM

ඒ අයගෙන් තව කී දෙනෙකුට හැදිලා ඇඟඇතුලේ ඇතිද ...? ඔය විනාශයට හේතුව මිනිස්සු මේ රෝගය බරපතලට ගණන් නොගැනීමයි. ඊට වගකිව යුත්තේ තොණ්ඩමන්ගේ මරණයට ගිය මහින්ද රාජපක්ෂයි. රටේ නායකයින් (හිතාගෙන ඉන්නේ එහෙමයි) කිසිවගකීමක් නොගෙන කටයුතු කරද්දී සාමාන්‍ය මිනිස්සු ඒ අයව අනුගමනය කරනවා. මේ ඡන්දෙන්වත් ගෝත්‍රික පවුල් ටික එළවලා දමමු. නැතිනම් අපිට රටක් ඉතිරිවෙන්නේ නැහැ. සජිත් මහත්තයා හැර කවුරුවත් පොදු ජනතාවගේ පැත්ත ගන්නේ නැහැ...

:       189       466

Nihal Friday, 17 July 2020 07:35 AM

එකඟයි. අවසාන වාක්‍යයට හැර...

:       93       539

ShanakaFriday, 17 July 2020 09:11 AM

සජිත් කියන්නෙත් ඒ ගොඩේම කෙනෙක් තමයි. මේ අයට ඕනෙ බලය විතරයි.

:       40       106

hiraFriday, 17 July 2020 09:23 AM

රාළහාමි කඩේ යන්නේ සජිත්ට වගේ...

:       56       90

සෙනෙවිරත්න Friday, 17 July 2020 10:16 AM

ඔක්කොම හරි රාලහාමි. සජිත් ගැන තමයි අවුල...

:       0       49

ranaFriday, 17 July 2020 11:08 AM

අපට වෙනත් විකල්පයක් තියේද? රනිල්...

:       1       1

Rohana Friday, 17 July 2020 09:17 AM

සියලුම පක්ෂවල එකඟතාවයෙන් මැතිවරණ රැස්වීම් වහාම නතර කළහැකි නම් රෝගය පැතිරීයාම සෑහෙන දුරකට වළක්වාගත හැකියි.

:       28       18

සෑම් Friday, 17 July 2020 09:40 AM

රටේ හැම තැනින්ම හම්බවෙන හැම කෝවිඩ් රෝගියෙක්ම කන්දකාඩු වලට බැර කරනවා. මේ ඔක්කොම බොරුව කරන්නේ ඡන්ද රැස්වීම් ටික තියාගන්න. තාම කෝවිඩ් ගැසට් එක අත්සන් කරන්නේ නැහැ. මොවුන්ට එක ආසනයක හරි වැඩි බලයක් දුන්නොත් රටට අබසරණයි...

:       51       206

Sunil gikiyanage Friday, 17 July 2020 10:49 AM

ලංකා හොස්පිටල් එකට කොරෝනා පොසිටිව් කෙනෙක් ගිහින් හැමතැනම ඇවිදලා තියෙනවා. නමුත් තව වෙනතුරු නිසි සොයාබැලීමක් නැහැ.

:       112       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site