IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


හිටපු රාජ්‍ය ඇමැතින් නිල රථ බාරදීම අගයමු

මැතිවරණ කොමිෂන් සභාවෙන් කෙරුණු දැනුම්දීම මත හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනකු සිය නිල රථ බාර දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අදාළ අමාත්‍යාංශ ප්‍රධානීන් මේ බව දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි දැක්වෙයි. ඒ අතර නිල රථ බාර දී ඇතැයි පැවසුණ ද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීමක් කරන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

‘නීතිය නොදැන සිටීම සමාවට හේතුවක් නොවන’ බව නීතියට අදාළ සිද්ධාන්තයකි. රාජ්‍ය දේපළ අයථා ලෙස මැතිවරණයක දී පාවිච්චි කර ඇති බවට අධිකරණයේ දී සනාථ වුවහොත් එම ගරු කටයුතු මහජන නියෝජිතයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී යා හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉකුත් දා ප්‍රකාශ කර තිබිණි. රාජ්‍ය ඇමැතිවරයකු යනු වෘත්තීය දේශපාලනඥයෙකි. එනම්, දේශපාලනය ජීවිතය බවට පත් කරගත් දේශපාලනයෙන්ම ජීවත්වන අයෙකි. එබන්දකු මැතිවරණ නීතිරීති සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති අයකු යැයි බාලාංශ පන්තියේ දරුවකු වුවද නොපිළිගන්නා පරම සත්‍යයකි. ඒ අනුව අපගේ නිගමනය වන්නේ මෙම හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනා නීතිය මැනවින් දන්නා බවය. එහෙත් එය නොදන්නා බව අඟවමින් තමන් රාජ්‍ය ඇමැති ධුරයේ සිටි කාලයේ නිල වශයෙන් ලැබුණු වාහන යළි බාර නොදී තමන් සන්තකයේ තබාගෙන සිටියහ. එයට අමතරව මැතිවරණ කටයුතු වෙනුවෙන් ද යොදාගෙන තිබිය හැකිය. එය සැලකිය යුත්තේ නොදන්නාකමක් ලෙස නොව තක්කඩිකමක් ලෙසය. අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ නිල රථ නැවත බාර නොදුන් රාජ්‍ය ඇමැතිවරුන් තව සිටින බවය. එම නිල රථ ද ඉක්මනින් අදාළ අමාත්‍යංශ වෙත බාර දෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තුවෙන් සිටින බවය.

හිටපු රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු යළි බාර නොදුන් නිල රථ පහක් වහාම අත්අඩංගුවට ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඉකුත්දා නියෝග කළේය. මෙම ප්‍රවෘත්තියට මාධ්‍ය තුළ සෑහෙන තරමේ ඉඩක් වෙන් විය. ප්‍රවෘත්තියට අමතරව කතුවැකි මෙන්ම විශේෂාංග ලිපි ද සම්පාදනය විය. එහෙයින්ම මෙම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් සමාජය තුළ විශාල සංවාදයක් ඇති විය. සිදුවිය යුත්තේ ද එයමය. එම බලපෑමට යටත් නොවී සිටිය නොහැකි තැන රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනකු නිල රථ යළි බාරදෙන්නට ඇතැයි අපි සිතමු. ජන මතයට හිස නමා හෝ මැතිවරණයෙන් පසුව රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් මන්ත්‍රී ධුරය අහිමිව යා හැකි යැයි ඇති වූ බිය නිසා හෝ මෙසේ යළිත් නිල රථ බාර දෙන්නට ඔවුන්ට සිදුවන්නට ඇත. හේතුව කුමක් වුවද එසේ යළිත් නිල රථ බාරදුන් හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනාට අපගේ ප්‍රණාමය පුද කරමු.

ඉකුත් සමයේ සමාජය තුළ වේගයෙන් පැතිරුණු මතයක් වූයේ ‘පාර්ලිමේන්තුවේ 225ටම බෝම්බ ගැසිය යුතු’ බවය. ක්‍රියාවක් වශයෙන් එබඳු අදහසකට අප කිසිසේත්ම එකඟ නොවූවද එබඳු මතයක් නිර්මාණය වූයේ අහේතුකව නොවන බව අවධාරණය කරමු. මෙරට දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් සමාජයේ පතුල බිඳගෙන අප්‍රසාදයක් ගොඩ නැගී ඇත. එයට හේතුව දේශපාලනයේ නියැලෙන ඇතැම් තක්කඩි දේශපාලනඥයන්ගේ මජරකම් ය.

ගමේ සිට බසයෙන්, දුම්රියෙන් කොළඹ පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොදු නිල නිවාසය වන ශ්‍රාවස්තියේ ලැගුම් ගෙන පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වී නැවතත් බසයෙන් හෝ දුම්රියෙන් ගමරට බලා ගිය අල්පේච්ඡ දේශපාලනඥයන් සම්බන්ධ උද්‍යෝගිමත් ආදර්ශවලින් අපගේ ඉතිහාසය පිරී පවතී. ඒ අතීතය වර්තමානය වනවිට ළය විනිවිදින කිණිසි තුඩක් බඳුය.

අතීතයේ දී මෙන්ම වර්තමානයේ දී ද කටයුතු කළ යුතු යැයි හෝ කටයුතු කළ හැකි යැයි අපි නොකියමු. එහෙත් දේශපාලනය යනු අවංක මහජන සේවාවක සිට බඩ රස්සාවක් දක්වා පරිවර්තනය වී ඇති සමයක අල්ප වශයෙන් හෝ ගෞරවනීයත්වය රැකුණු දේශපාලන භාවිතාවක දේශපාලනඥයා නිරත විය යුතුය. ඔහුගෙන් මහජන දේපළ සූරාකන, හොරා කන චෞර කප්පිත්තකුගේ භුමිකාවක් ප්‍රදර්ශනය වන්නේ නම් සමස්ත දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන්ම බලවත් අප්‍රසාදයක් ගොඩනැගීම ස්වාභාවිකය. එහෙත් එම අප්‍රසාදය කෙළවර වන්නේ රටේ පැවැත්මෙන් වීම ද මෙහිදී තේරුම් ගත යුත්තකි.

මැතිවරණයට අදාළව නීතිරීති පනවා තිබෙන්නේ වඩාත් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙනි. මහජන මතය නිවැරැදිව ප්‍රකාශයට පත්වන්නේ එබඳු මැතිවරණයකිනි. එයට අනුගතවීම සෑම දේශපාලනඥයකුගේම වගකීමකි. නිල රථ යළිත් බාරදුන් හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සිවු දෙනා ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ එහෙයිනි.



අදහස් (7)

හිටපු රාජ්‍ය ඇමැතින් නිල රථ බාරදීම අගයමු

ravi Wednesday, 08 July 2020 08:19 AM

හොඳට පරීක්ෂා කරලා බලලා ගන්න. සමහරවිට එන්ජින් එක ගලවලා චැසිය විතරක් දේවි...

:       1       1

amila Wednesday, 08 July 2020 08:36 AM

අගය කරන්න දෙයක් නැහැ, අනිවාර්යෙන් බාරදිය යුතුයි.

:       0       13

Js Wednesday, 08 July 2020 11:03 AM

නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්න.. ඡන්දයේ දී ජනතාව බලාගනී...

:       0       0

සිසිල්දේශ් Thursday, 09 July 2020 11:32 AM

මෝඩ කතාවක්... හොරකම් කරපු කෙනා බඩුටික ගෙනත් බාරදෙනකොට ප්‍රණාමය කරන්නේ මොකටද?

:       0       0

Bamunuarachchi Thursday, 09 July 2020 12:53 PM

මෙතන අගයන්න දෙයක් නැත. නීතිය ක්‍රියාත්මක වීමයි තියෙන්නේ...

:       0       0

BamunuarachchiFriday, 10 July 2020 05:24 AM

බාරදෙන්න පරක්කු වුණානම් ඒ කාලසීමාවට දඩ නියම කරන්න. වෙලාව බාරදුන්නා නම් බාරගත්තා හැරෙනවා කියන්නට මොන ඇගයීම්ද?

:       0       0

Demuni Uduwara Thursday, 09 July 2020 08:09 PM

එය කළ යුතුමයි... ඒවා රජයේ දේපළනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1774 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site