IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු මන්ත්‍රී අනූපගේ ගිණුම් දෙකක් අත්හිටුවයි

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අදාළ බැංකුවල කළමණාකාරවරුන්ට අද (10) නියම කළේය.

පසුගිය කාලයේ තුළ ඔහු සැක සහිත අන්දමින් මුදල් උපයා ඇතැයි කියමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව කළ ඉල්ලීමක් පිළිගනිමින් 2025 ජනවාරි 10 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ නියෝගය නිකුත් කරන ලද්දේ සෙලාන් බැංකවේ කොග්ගල ශාඛාවේ සහ කොමාර්ෂල් බැංකවේ මතුගම ශාඛාවේ කළමණාකාරවරුන්ටය.

අල්ලස් කොමිෂමේ විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පසුගිය කාලයේ තුළ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා සැකසහිත අන්දමින් මුදල් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 53(4) වගන්තිය යටතේ ඇති බලතල මත එම විමර්ශන සඳහා දින 07 කාලයකට අදාළ ගිණුම් අත්හිටුවනු ලැබු බවත් දැනුම් දුන්හ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බව දැනුම් දුන් අල්ලස් කොමිෂමේ විමර්ශන නිලධාරීන් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් සෙලාන් බැංකවේ කොග්ගල ශාඛාවේ සහ කොමාර්ෂල් බැංකවේ මතුගම ශාඛාවේ පවත්වාගෙන යන ගිණුම් දෙකේ කටයුතු මාස 03ක කාලයකට තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සිටියහ.

ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා 2025 ජනවාරී 04 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ ගිණම් අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා එම කාලය තුළ මෙම බැංකු ගිණුම් තුලින් කිසිඳු ගණුදෙණුවක් කළ නොහැකි බවද අවධාරණය කළේය.

 



අදහස් (7)

හිටපු මන්ත්‍රී අනූපගේ ගිණුම් දෙකක් අත්හිටුවයි

සෙනෙවිරත්න Thursday, 10 October 2024 06:21 PM

අහන්න දෙයක් නැහැ.. වැඩේ ස්ථීරයි. පහුගිය දවස්වල මාලිමාවට කළ අපහාස හෙලාදැකීම් දැක්කාම හිතාගන්න පුළුවන් බය කොපමණද කියලා මාලිමාව බලයට ඒම...

:       4       41

පිටරටවැසියා Thursday, 10 October 2024 06:41 PM

රට කාපු තක්කඩි හැත්ත...!

:       4       37

කලුවා Thursday, 10 October 2024 08:31 PM

අනුපගේ මතුගම තිබෙන මහගෙදර පහුගිය කාලයේ කෝටි ගණනකට විකුණුවා. ගත්තේ අගලවත්තේ සජබ සංවිධායක සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජගත් විතාන. මහ විශාල නිවසක්. ඒ වගේම තමයි ගාණත්. අනික් ගහපුවා නොගහපුවා දන්නේ නෑ. නමුත් ඔය ගනුදෙනුව ගැන දන්නවා. ඒ නිසා කළු නොවන සල්ලිත් ඇති...

:       0       2

SunaFriday, 11 October 2024 11:30 PM

ඔයාලා හිතන්නේ ඒක එච්චර ගාණකට වික්කා කියලද? ඔයාලාට වැරැදිලා..මතුගම තිබුණු ප්‍රසිද්ධ ඇල්ලක් රන්නගල ඇල්ල කියලා. ඒකෙ ලොකු නිධානයක් මෙයා අරගත්තා.., ඒකෙ සල්ලි සුදු කළේ ඔන්න ඔය ගේ වික්ක එක පිටින් දාලා වෙන්න පුළුවන්... නිධාන සීන් එක හැමෝම දන්නවා.

:       0       0

Kalu Saturday, 12 October 2024 10:15 PM

නිධන් ගැන නම් දන්නේ නැහැ නමුත් ගෙදර කතාව නම් දන්නවා. ජගත් විතාන ඒ ගෙදර අරගෙන එයාගේ උපන් දිනය වෙනුවෙන් දානයක් දුන්නා දැන් මාස කීපයක් වෙනවා.

:       0       0

kalu Friday, 11 October 2024 09:14 AM

සමෘද්ධි ඇමති ගහන්න ඇති ඇතිවෙන්න පල් හොරු

:       0       8

chandrika Friday, 11 October 2024 11:54 AM

ජනතා මුදල් හොරකම් කරලා, ගිණුම්වල දාලා, පල්හොරු හොඳින් ඉන්නවා. අපි බඩගින්නේ... හෙණ ගහන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site